ගොයම කිරි වෙන්නෙ නුඹ හින්දලු සත්තයි
වනපෙත නිල් වෙන්නෙ නුඹ හින්දලු සත්තයි
මහ ගඟ ගලන්නෙත් නුඹ හින්දලු සත්තයි
නුඹ නැතිදා මං නෑ මැරෙණව සත්තයි
අවුරුදු ඒලු කොවුලගෙ ගී ගැයේයා
ගහ මුදුනට ඔන්චිල්ලා බැඳේයා
වැස්ස වළාහක දෙවියනි ඇසේයා
වැස්සොත් සතුට නෑ පොඩි හිත් බිඳේයා
ආසයි ඉර වටේ ඔන්චිලි පදින්ටයි
ආසයි කද බැඳන් නෑයන් දකින්ටයි
සිරිමා බෝ සමිඳු වැඳ හිත් හදන්ටයි
අවුරුදු දුන්න දෙවියනි මේ අහන්ටයි
අවුරුදු එන්නෙ ගම්මැද්දේ රොක්වෙන්ටයි
එරබදු පිපෙන්නේ ගම හැඩ කරලන්ටයි
කෙත එළි කරන්නේ දඟ දෙන කොලුවන්ටයි
අපි මේ යදින්නේ වැහි නෑවිත් ඉන්ටයි
අවුරුදු කුමාරය නාවොත් ගම්මැද්දෙන්
සෙත් කවි නොවෙයි වස් කවි ඔහෙ කියවෙද්දෙන්
වැහි දෙවියනේ කියනා මේ දුක සද්දෙන්
අහලා පමාවී එව අපි පිං දෙද්දෙන්
අහස ගුගුරුවා ගිය තැනකින් එන්ටයි
පොළව දෙදරවා ගිය තැනකින් එන්ටයි
හුළඟ දෙබෑකර ගිය තැනකින් එන්ටයි
සරු කර ගොයම මයෙ යළි යලටත් එන්ටයි
ආයුබෝවේවා මලණ්ඩ,
ReplyDeleteදීඝායු වේවා
කවිය නම් නියමයි, තාලයත් එළි සමයත් එක්ක කිසිදා රස නොවිදි මනෝමය ලෝකයක ගෙනිච්චා!
ReplyDeleteසුභ අලුත් අවුරැද්දක් වේවා!
හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
ReplyDeleteඅවුරුදුවලින් පසු මෙහි වැසි රැගෙන එන් ලෙසින්...