Showing posts with label Announcements. Show all posts
Showing posts with label Announcements. Show all posts

Tuesday, April 13, 2010

පරිවර්තන මැරතන් තරගය - 2010 අප්‍රේල්

ශ්‍රී ලංකාවේ පළමු වරට පරිවර්තන මැරතන් තරඟයක් 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00 සිට 2010 අප්‍රේල් මස 28 වන දින රාත්‍රී 12.00 දක්වා පැවැත් වේ.

මෙහි අරමුණ වන්නේ දැනට අතුරු මුහුණතේ පරිවර්තන කටයුතු අවසන් වූ Openoffice.org සිංහල නිකුතුවට අදාල උදව් පිටු සිංහලින් සකස් කිරීමයි.
Openoffice.org සිංහල නිකුතුව සඳහා වචන 96,000 කට වඩා වැඩි ප්‍රමාණයක් සිංහලට හැරවීමට තිබු අතර මෙම උදව් පිටු සඳහා එමෙන් පස්ගුණයක් පමණ විශාල වූ කාර්යයක් නිම කිරීමට සිදුව ඇත.
100% නොමිලේ ලබා ගෙන Windows, GNU/Linux සහ MAC මත භාවිත කළ හැකි නිදහස් සහ විවෘත මෘදුකාංග අතරින් සුවිශේෂි මෘදුකාංගයක් වන Openoffice.org ව්‍යපෘතියට ආදරය කරන එමෙන්ම සිංහල බසින් මෘදුකාංග ප්‍රජාව අතරට යාම සඳහා දායකත්වයදීමට ලැදි ඔබ සැමට මින් ඇරයුම් කරමි.

ඔබ කොහොමඳ එක්වෙන්නේ?

Openoffice.org ශ්‍රී ලාංකික ප්‍රජාව භාවිත කරන තැපැල් ලැයිස්තුවට එක් වෙන්න.ඉන් අනතුරුව "Translation Marathon 2010 April "මාතෘකාව සහිතව ඔබේ සහයෝගය ලැබෙන බවට අපට විද්‍යුත් ලිපියක් එවන්න.
කරුණාකර මෙම මාතෘකාවම පමණක් භාවිත කරන්න.

ඔබ මොනවද දැනගත යුත්තේ?

සිංහල ලිවීම සඳහා සිංහල යුනිකෝඩ් භාවිතයෙන් ලිවීම අනිවාර්ය වේ. අදාල ඉංග්‍රිසි වදන් තේරුම් ගෙන එය සිංහලින් සරළව ලිවීමයි ඔබ කළ යුතු වන්නේ.
පරිගණක ක්‍රමලේඛනය පිළිබඳ දැනීමක් අවශ්‍ය නොවේ!

තනිවද තරග කරන්නේ?

ඔබට කැමති නම් තනිව හෝ කණ්ඩායමක් ලෙස තරඟ කළ හැක.
එනම් පාසැල්, විශ්ව විද්‍යාල, ආයතනික මිතුරන් සමඟ එක් රැස්වී තරඟ කළ හැක.

සයුරෙන් එහා ඉන්න මම?

ඔව් මව් රටින් බැහැර වුවත් ඔබටත් අන්තර්ජාලය හරහා දායක විය හැක.
පැය 27ක් පුරා දිවෙන බැවින් ඕනෑම වේලාකලාපයක කෙනෙක්ට සම්බන්ධ විය හැකියි. (දැනට එක්සත් රාජධානිය, සවුදි සහ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකියන් සිව් දෙනෙක් සහය දීමට ඉදිරිපත්ව ඇත.)

Tuesday, December 22, 2009

[Announcement] Drummer Wanted!

The Colombo based extreme metal band Aural Discord is looking for a competent drummer to join their ranks of purely music-oriented and open minded individuals.

Aural Discord are not confined to a genre, but play everything from thrash through melo-death to out-and-out death metal and are open to, and welcome, experimentation. They've been jamming together for over an year now and have quite a few original compositions they're looking to record.

We have our own place (Nightmare Studios) for practicing.

Aural Discord names a few of their influences as
Wintersun
In Flames
Arsis
The Absence
Death
Behemoth
Opeth
Nevermore etc.

If you are a drummer or if you know a drummer who'll be interested, drop a comment here, or give Suran a ring on 0775487108, and they'll put you in touch with some of their work.

Monday, November 16, 2009

bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය

ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) මගින් මීට ටික
කලකට පෙර Most Favourite Sri Lankan Website නම් තරගයක් ආරම්භ කරන ලදී.
lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර සිංහල,
ඉංග්‍රීසි හා දෙමළ යන ත්‍රෛ භාෂා මාධ්‍යයෙන් අංශ 3න් තරග 3ක් පවත්වන ලදී.
අදාල අංශයේ හොඳම වෙබ් අඩවිය තෝරන ලද්දේ පරිශීලක මනාපවලිනි. මේ කියන්නට
සැරසෙන්නේ එම තරගාවලියේ අවසන් අදියරේදී රඟ දක්වන්නට සැරසෙන විකට ජවනිකාව
පිලිබඳවය.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් සිය සාමාජිකයන් වෙනුවෙන් නොමිලේ
පවත්වාගෙන යන බ්ලොග් සේවය වන myblog.lk ද අප විසින් උක්ත තරඟයේ සිංහල
භාෂා මාධ්‍ය අංශයට ඉදිරිපත් කරන ලදී. මනාප දැක්වීම අවසන් කරන දිනය වන විට
එය අවසන් තරගකරුවන් 5 දෙනා අතරට පැමිණ ඇති බව දන්වන ලදී.

ඉන්පසුව තරඟ සංවිධායකවරුන් විසින් ඉදිරි වැඩ කටයුතු පිලිබඳව දැන්වීමට අප
වෙත ඊමේල් පණිවුඩයක් එවන ලදී. සසික රණසිංහ නමින් එවා ඇති එහි සඳහන්
ආකාරයට ත්‍යාග ප්‍රදානෝත්සවය නොවැම්බර් 20 වෙනි දින බත්තරමුල්ල Waters
Edge හෝටලයේදී පැවැත්වෙනු ඇත. ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වන අය රු
3500/=ක් මිල වන ටිකට්පතක් මිලදීගත යුතු බව එහි පහළින් සඳහන් වන අතර,
ටිකට්පත් ලබාගත හැකි ආකාර සවිස්තරාත්මකව සඳහන් කර ඇත.

ජයග්‍රාහකයන්ගෙන් මුදල් අයකර ත්‍යාග පිරිනමන තරගාවලියක් පිළිබඳව අපි මීට
පෙර අසා නැත්තෙමු.

BestWeb.lk තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාගය වනුයේ සහතික
පත්‍රයක් වන අතර. මේ සහතික පත්‍රය ලබාගැනීම සඳහා අදාළ අඩවිය නියෝජනය
කරමින් පැමිණෙන සියලු දෙනා එක් අයෙක් රු 3500/= බැගින් වන පරිදි ටිකට්පත්
මිලදී ගත යුතු ය! BestWeb.lk තරගාවලියේ නිල වෙබ් අඩවියේ
(http://www.bestweb.lk/) සඳහන් පරිදි ලාංකික ආයතන හා සමාගම් රැසක්
(ICTA, ඩයලොග්, සිරස මාධ්‍ය ජාලය, MTV, Sunday Times, Daily Mirror) මෙම
තරගාවලිය සඳහා අනුග්‍රහකත්වය (Sponsorships) පිරිනමයි, එනම් මූල්‍යමය
අනුග්‍රහයක් දක්වයි. එසේ තිබියදී ටිකට්පතකට රුපියල් 3500/=ක මුදලක්
ජයග්‍රාහකයන්ගෙන් (නරඹන්නන්ගෙන් නොවේ) අය කිරීම අසාධාරණ නොවේද ?

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වශයෙන් අපේ ස්ථාවරය නම් මෙය අපට කරන ලද
අපහාසයක් ලෙස අප විසින් සලකන බවයි. මුදල් දී සහතිකපත් ලබාගැනීමට අපට
කිසිදු අවශ්‍යතාවක් නැති අතර, මෙය මෙබඳු අන්දමේ තරගයක් බව මිට පෙර දැන
සිටියානම් මෙම තරගයට ඉදිරිපත් වීමද අප විසින් නොකරනු ඇත. (මෙය ශ්‍රී ලංකා
.LK වසම් ලේඛකාධිකාරිය මගින් සංවිධානය කිරීමත්, ICTA වැනි වගකිවයුතු
ආයතනයක් අනුග්‍රහ දැක්වීමත් නිසා අප සිතුවේ මෙය ජාතික වැදගත්කමකින් යුතු
එකක් ලෙස ය).

තරග සංවිධායකයන් අපට කර ඇති අවමානයට විරෝධය පෑමක් ලෙස සිංහල
බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් ඉදිරිපත් කරන ලද myblog.lk අඩවිය Most
Favourite Sri Lankan Website- 2009- Sinhala Category තරගයෙන් ඉල්ලා
අස්කරගනු ලැබේ.

මෙයට,
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය.

To the english version of The official statement of Sinhala Bloggers' Union concerning bestweb.lk and myblog.lk

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ පල වූ නිල ප්‍රකාශය වෙත : http://groups.google.com/group/sinhala-bloggers/browse_thread/thread/be0bb692d7a326fb?hl=si

Friday, April 17, 2009

සිංහල බ්ලොග් මැරතන් 2009


සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදය සංවිධානය කරන සිංහල බ්ලොග් මැරතන් එක අදයි...!

පළමු බ්ලොග් මැරතන් එක 2008 වසරේ අප්‍රේල් මස 18දා පැවැත්වුන අතර මේ දෙවැන්නයි. මීට අමතරව මිනි බ්ලොග් මැරතන් තරඟයකුත් පසුගිය දෙසැම්බරයේ සංවිධානය වුනා. පළවෙනි බ්ලොග් මැරතන් එකට දුවන්න මට ඉඩ නොලැබුණු බව ඒකාලෙ හිටපු අයට නම් මතකත් ඇති. :)

දැන් ඉතිං දෙවන බ්ලොග් මැරතන් එකට පැය 24ක් පුරා දුවන්න සූදානම් වෙනවා. මේ පාර පළවෙනි මැරතන් එක දුවපු සපත්තු දාන්න හිතුවත්, කාලිංගයි බුද්ධිකයි කියනවා ඒවා මීයො කාලලු. ඉතිං දැං ඒක හද හද ඉන්න වද වෙන්න බෑ. ඒ නිසා මිනි බ්ලොග් මැරතන් දුවපු සපත්තු ජෝඩුව හොඳා.

මෙවරත් ගියවර වගේම මැරතන් බලන්න ක්‍රම කීපයක්ම සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් සූදානම් කරලා තියනවා.


මීට අමතරව සුපුරුදු මඩ රේඩියෝවත් පැය 24ම ක්‍රියාත්මකයි. මෙවර එයට ටෙක්කතා එක් වී ‍තිබෙන නිසා තාක්ෂණික ගැටළු මේ පැය 24 පුරා සජීවීව ඉදිරිපත් කරලා විසඳුම් ලබාගන්න පුළුවන්. ඊට අමතරව ගීත ඉල්ලීම් සඳහාත් අවස්ථාව තියනවා.

මඩ රේඩියෝව අහන්නෙ මෙහෙමයි.
Windows Media Player : http://bit.ly/fxV62
Winamp/VLC/iTunes : http://bit.ly/McW59

ඔබ තවමත් ඔබේ මැරතන් බ්ලොග් අඩවිය ලියාපදිංචි නොකළේ නම් admin {at} sinhalabloggers {dot} com වෙත එහි විස්තර වහාම යවන්න. දුවන්න අදහසක් නැත්නම් දුවන අයට වතුර ගහන්නවත් ඒ පැත්තෙ ඇවිත් යන්න. මේක විවෘත ඇරයුමක්...! :)

Friday, April 18, 2008

සංවේගයෙන් දැනුම්දීමයි - යසරුවන් ගුණතිලකගේ හදිසි අභාවය

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකු ද, අපේ සිංහල බ්ලොග් අවකාශයේ
මිතුරකු ද, බ්ලොග්කරුවකු ද වූ යසරුවන් ගුණතිලක පෙරේදා හදිසියේ මෙලොවින්
සමුගත් බව මේ දැන් ආරංචි වුණෘ. ඔහු හෙට පැවැත්වෙන අපේ මැරතන් ඉසවුවට ද
උද්යෝගීමත් ව සහභාගී වීමට සූදානමින් සිටි බැවින් මේ හදිසි වියෝ වීමේ පුවත
අදහා ගත නොහැකි තරම් කම්පනයක් අප සැම තුළ ඇති කළා. හෙට ඔහුගේ දේහය පිළිබඳ
අවසාන කටයුතු සිදු වන බව ඔහුගේ සොහොයුරු සඳරුවන් අපට ප්‍රකාශ කළා.

ඔහු අවසන් ගමන් යන හෙට දිනයේ ම රෑ 8ට ආරම්භ වන අපේ සිංහල බ්ලොග් මැරතන්
ඉසවුවේ ආරම්භක සටහන් යසරුවන් වෙනුවෙන් හිස් ව තබන මෙන් සිංහල
බ්ලොග්කරුවන්ගේ සංසදය සියලු සහභාගී වන්නන්ගෙන් ඉල්ලා සිටිනවා. "යසරුවන්
වෙනුවෙන්" යන මාතෘකාව සහිත ව හිස් බ්ලොග් සටහනක් (blank post) හෙට
රාත්‍රී 8ට මැරතන් අරඹන මොහොතේ පළ කිරීමෙන් අපේ සාමූහික ශෝකය බෙදාහදා
ගැනීමට එක් වන්න.


මේ එම සිදු වීම අද දිවයින පුවත් පත වාර්තා කර තිබුණු අයුරුයි.

"අත්වැල්තොට ඇල්ලේ දියනෑමට ගිය තරුණයා සැඩපහරට හසුව මිය යයි. (දිවයින,
අපේල් 17 වැනි බ්‍රහස්පතින්දාල 3 පිටුව)
- දයානන්ද ජයනෙත්ති. බදුරලිය

"අවුරුදු නෑගමි පැමිණ අත්වැල්තොට දිය ඇල්ලේ දිය නෑමට ගිය පේරාදෙණිය විශ්ව
විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවකු එම දිය ඇල්ලේ සැඩ පහරට ලක් ව දියේ
ගිලී ඊයේ (16 වෙනි දා) මරුමුවට පත් ව ඇත. මෙසේ මරුමුවට පත් ව ඇත්තේ
රත්නපුර වෙරළුප පදිංචි යසරුවන් ගුණතිලක (23යි) නමැති අයෙකි.

"සිද්ධිය සම්බන්ධයෙන් බදුරලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි."



මේ යසරුවන්ගේ බ්ලොග් අඩෙවියයි
http://yasaruwan.gunathilake.com/

යසරුවන්... ඔබට නිවන්සුව!

Wednesday, March 12, 2008

සිංහල බ්ලොග් මැරතන් එක මමත් දුවනවා! | Sinhal Blog Marathon

A "Blog Marathon" is going to happen for the first time in Sri Lanka (well... yeah.... geographical limits... nothing to bother for blogging at all, may that's why it's called "Sinahala Blog Marathon").

This event is the first ever event organized by the newly formed "Sinhala Bloggers Union".

I'm a participant of it... and I'd like to invite all Sinhala Bloggers to join this event, which is gonna happen on 18th of April, just after Sinhala New Year. Click here for more information on this.


සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් ප්‍රථම වරට "අලුත් අවුරුදු බ්ලොග් මැරතන්" උළෙලක් සංවිධානය කර තිබෙනවා. එවැන්නක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නෙ ප්‍රථම වතාවටයි.

මෙම උළෙල පැවැත්වෙන ආකාරය සැකෙවින් මෙහෙමයි.
අප්‍රේල් 18 වැනිදා, පැය 24ක් ඇතුළත (රාත්‍රී 8 සිට 19දා රාත්‍රී 8 දක්වා) සහාභාගීවන්නන් සියළුදෙනාම සෑම විනාඩි 15කට වරක් තමුන්ගේ බ්ලොග් එකේ (හෝ ඒ වෙනුවෙන් අළුතින් සාදාගත් බ්ලොග් එකක) ලිපියක් පළ කරනවා. එලෙස පැය 24ක් ඇතුළත එක් බ්ලොග්ගරුවකු විසින් ලිපි 96ක උපරිමක් ලියා පළ කරනවා.

මේ සඳහා මාත් සහභාගීවෙන අතර, සියළුම බ්ලොග්කරුවන් මේ සහඳහා සහභාගීවන මෙන් විවෘතව ආරාධනා කරන්න කැමතියි. වැඩි තොරතුරු මෙතැනින් දැනගන්න.