Showing posts with label කලා - Art. Show all posts
Showing posts with label කලා - Art. Show all posts

Monday, June 04, 2012

නාට්‍ය උළෙල දෙකක් ගැන ඔත්තුවක්!

රාජිත දිසානායක නාට්‍ය උළෙල
සහ
අභිනයන: සම්පත් - රත්නා රංගභූමිකා

වේදිකා නාට්‍යයක් බලනව කියන එකත් ලේසි නෑ අද කාලෙ. නාට්‍යයකට වෙලාවක් වෙන් කරගන්න එක සෑහෙන්න අභියෝගයක් වෙන්නෙ චිත්‍රපටි වගේ එක තැනක මාසයක් හමාරක් නාට්‍ය පෙන්වන්නෙ නැති නිසා. යන්න පහසු රඟහලකට, බලන්න කැමති නාට්‍යක් එන්නෙ කාලෙකට වතාවක්. ඒ එන එකම වතාවට මේ කාර්යබහුල ජීවන රටාව අස්සෙන් පොඩි චාන්ස් එකක් හොයාගන්න පුළුවන් කියන්නෙ ඉතිං පූරුවෙ ලාවට හරි කරපු පිනක් පල දෙනව කියන එක.

“ඔච්චරම ඕනකමක් තියනවනං ඕකට වෙලාවක් වෙන් කරගන්න ඒක ඒ හැටි දෙයක්ද? අනික කොළඹට කිට්ටුව ඉන්න අපිට නාට්‍ය බලන්න කොයි තරං අවස්ථා තියනවද?“ එහෙම මටම හිතුනට වැඩේ ඒ විදිහට වෙන්නෙම නෑ. ‘රැකියාව සහ තවත් කතා‘ නිසා.

කොහොමිං කොහොම හරි මේ විදිහට බලන්න කැමති නමුත් බලාගන්න පින පහල නොවෙච්ච නාට්‍ය කොච්චර තියනවද. කාලයාගේ ඇවෑමෙන් ඒව වේදිකා වලින් සමුඅරන් යනව. ආයෙ ඉතිං ඒ නාට්‍ය බලන්න කවදාවත්ම බෑ.

ඒත් මේ කියන්න යන්නෙ ඒ වගේ වේදිකාවෙන් බැහැල ගිය නාට්‍ය රැසක්ම මේ ජූනි මාසෙ ආයෙත් වේදිකාවට ගොඩ වෙනව කියල එහෙන් මෙහෙන් ලැබිච්චි පොඩි ආරංචියක් දෙකක් ගැන. මේ පළවෙනි ඔත්තුව ලැබුනෙ දිවයින පත්තරෙන්...

රාජිත දිසානායක නාට්‍ය උළෙල

රජිත දිසානායක ගේ නාට්‍ය නම් සෑම වර්ෂයකම පාහේ උළෙලක් වශයෙන් එක දිගට ලයනල් වෙන්ඩ්ට් එකේ වේදිකාගත වෙනව. 2009 දි නම් මාත් බලන්න ගියා. ඒත් මෙවර උළෙලට නිමිත්ත වෙලා තියෙන්නෙ රාජිත ගෙ ‘වීරය මැරිලා‘ නාට්‍යයේ දශ වර්ෂ පූර්ණය. 2002 වර්ෂයේ ජාතික නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය වුනේ ‘වීරය මැරිලා‘ නාට්‍යයි.

නාට්‍ය පෙළගැස්ම:

ජූනි 7 - වීරයා මැරිලා
ජූනි 8 - සිහින හොරු අරං
ජූනි 9 - බකමූණා වීදි බසී

ස්ථානය: කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහල
වෙලාව: සවස 6.30

මේ කියපු නාට්‍ය වලටත් වඩා, දැන් වේදිකාවේ කොහෙත්ම දකින්න නොලැබෙන නාට්‍ය කීපයක් රැගත් උළෙලක් ගැනයි මීළඟ ඔත්තුව. පහුගියදාක ටවර් එකේ ‘සුද්දෙක් ඔබ අමතයි‘ බලන්න ගිය වෙලාවක ලැබුණු අත්පත්‍රිකාවක තමයි මේ ගැන තිබුනෙ.

අභිනයන: සම්පත් - රත්නා රංගභූමිකා

සම්පත් තෙන්නකෝන්, රත්නා ලාලනී යුවලගේ රංගන දිවියට වසර තිහක් සපිරීම නිමිත්තෙන්
තමයි ‘අභිනයන‘ පැවැත්වෙන්නේ.
නාට්‍ය පෙළගැස්ම:

ජූනි 18 - සුභ සැන්දෑවක් (ඩග්ලස් සිරිවර්ධන)
ජූනි 19 - ජගන්මාතා (කේ. බී. හේරත්)
ජූනි 20 - තලමල පිපිලා (ජයලත් මනෝරත්න)
ජූනි 21 - අන්දරේලා (ජයලත් මනෝරත්න)
ජූනි 22 - ගුරු තරුව (ජයලත් මනෝරත්න)
ජූනි 23 - පුත්‍ර සමාගම (ජයලත් මනෝරත්න)
ජූනි 24 - අන්තර්ජාලේ (බන්දුල විතානගේ)

ස්ථානය: කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහල
වෙලාව: සවස 6.45

බලංගිහාම අපි පින නැත්තෙමත් නෑ වගේ? මෙයින් දෙක තුනකටවත් යන්න ලැබේවා කියල ඔන්න එහෙනං ආරංචි ලිවීම ඉවරයි.

Tuesday, January 24, 2012

කියුබානු සිනමා දැක්ම

ජනවාරි 01 දාට යෙදී තිබුණු කියුබානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා කියුබා ජාතික සහයෝගීතා කමිටුව මගින් සංවිධානය කරනු ලබන ‘කියුබානු සිනමා දැක්ම‘ මේ මස 23 - 24 - 25 දිනයන් වල පැවැත්වේ.

ස්ථානය: සුදර්ශී ශාලාව
වෙලාව: සෑම දිනකම සවස 5.30 ට


ජනවාරි 23
The Eye of the Canary
by Fernando Pérez


ජනවාරි 24
Casa Vieja (Old House)
by Léster Hamlet


ජනවාරි 25
Red Hot City
by Rebecca Chávez

ලිපිය ලියන වෙලාව වෙද්දි පළවෙනි චිත්‍රපටය හමාර වෙලා. ප්‍රමාදය ගැන කමන්න!

Friday, November 26, 2010

චීන චිත්‍රපට උළෙලක් කොළඹ දී

චීන තානාපති කාර්යාලය සහ ජාතික චිත්‍රපට සංස්ථාව එක්ව සංවිධානය කරනු ලබන චීන චිත්‍රපට උ‍ළෙලක් හෙට සිට දින හතරක් පුරා පැවැත්වේ. චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේ දී නොමිලේ ප්‍රදර්ශනය කරන මෙහි චිත්‍රපට පෙළගැස්ම පහත දැක්වේ.


නොවැ 2‍7
     4.00pm Gimme Kudos
     6.00pm Crouching Tiger Hidden Dragon

නොවැ 2‍8
     4.00pm Li Mi Conjecture
     6.00pm Cell Phone

නොවැ 2‍9
     5.30pm The Volunteers

නොවැ 30
     5.30pm The Knot

Wednesday, August 04, 2010

රාජිත දිසානායකගේ නාට්‍ය තුනක්...!

ඔන්න නාට්‍ය ඔත්තුවක් බොහොම කාලෙකට පස්සෙ... මේ ගැන බොහෝ දෙනෙක් දැනටමත් දන්නව ඇති.

මේ වසරෙත් රාජිත දිසානායකගේ නාට්‍ය උළෙල පැවැත්වෙනවා ගිය වසර දෙකේදීම වගේ. ගිය අවුරුද්දෙ “නාට්‍යක්... නෑ හතරක්... බලමුද?“ කිව්වට බලන්න වුණේ එකයි. මං බලන්න ගිය එකම නාට්‍ය වෙච්ච ‘ආපහු හැරෙන්න බෑ‘ බලන්න අපේ දසුන් මලයත් ආව.

මෙවර වේදිකා ගත වෙන්නෙ නාට්‍ය තුනක් පමණයි.

ලයනල් වේන්ඩ්ට් නාට්‍ය උළෙලේ කාල සටහන මෙසේයි.

අගෝ 5 - ආපහු හැරෙන්න බෑ
අගෝ 6 - සිහින හොරු අරං
අගෝ 7 - වීරයා මැරිලා

සියළුම දිනවල සවස 7.00ට දර්ශන ආරම්භ වෙනවා.


ඡායාරූපය: http://freedomtheater.wordpress.com වෙතින්

Saturday, April 03, 2010

කුරොසාවා සිනමා උළෙල - AK100


අද්විතීය ජපන් සිනමාකරු අකිරා කුරොසාවා ගේ සිය වැනි ජන්ම දිනය නිමිතිකරගෙන කුරොසාවා සිනමා උළෙලක්
AK100 නමින් මෙම මස 5 සිට 7 දා දක්වා පැවැත්වේ. මෙය සංවිධානය කරනු ලබන්නෙ කොළඹ සිනමා කවය විසිනි.

චිත්‍රපට පෙළගැස්ම:

අප්‍රේල් 5
4:30 pm - Rashomon
7:00 pm - Late Autumn

අප්‍රේල් 6
4:30 pm - Equinox Flower
7:00 pm - Sanjuro

අප්‍රේල් 7
4:30 pm - The Makioka Sisters
7:00 pm - Ikiru

ස්ථානය: ජෝන් ද සිල්වා සමරු රඟහල
සියළුම දර්ශන නොමිලේ පැවැත්වේ.

මීට අමතරව මේ සියළු දිනයන්හි වාර දෙක බැගින් (පෙව 9.30 සහ පව 1.30) සිනමා වැඩමුළුද සංවිධානය කර ඇත.

Wednesday, March 03, 2010

රුසියානු සාහිත්‍යයෙන් නිමැවුනු රිදී සිත්තම්

අග්‍රගණ්‍ය රුසියානු සාහිත්‍ය කෘති ඇසුරෙන් නිර්මාණයවුණු රුසියානු චිත්‍රපට පෙළක් මේ දිනවල රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේදී ප්‍රදර්ශනය කෙරේ.

The Flight


ලියෝ තෝල්ස්තෝයි, මැක්සිම් ගෝර්කි, ඇලේක්සැන්ඩර් ඔස්ත්‍රොව්ස්කි, ඉවාන් තුර්ගෙනෙව්, ඇන්ටන් චෙටකොෆ්, පියෝදෝර් දොස්තයෙව්ස්කි, මිහායිල් බුල්ගාකොව්, මිහායිල් ෂෝලහව් ආදී විශ්ව සාහිත්‍යයේ නොමැකෙන සළකුණක් සටහන් කල රුසියානු ගත්කතුවරුන්ගේ කෘති ඇසුරෙන් නිමැවුනු මේ සිනමා සිත්තම්ද ලෝක සිනමාවේ විශිෂ්ඨ නිර්මාණ ගණයෙහිලා සැළකෙයි.

චිත්‍රපට පෙළගැස්ම මෙසේයි...
Nest of the Gentry (ඉවාන් ගුර්ගෙනෙව්) - මාර්තු 10
The Flight (මිහායිල් බුල්ගාකොව්) - මාර්තු 17 / 24 කොටස් දෙකක් වශයෙන්
War and Peace - මාර්තු 31 / අප්‍රේල් 07 / 15 කොටස් තුනක් වශයෙන්

සෑම බදාදා දිනක සවස 6ට කොළඹ රුසියානු සංස්කෘතික කේන්ද්‍රයේදී මෙය නොමිලේ ප්‍රදර්ශනය කෙරේ.

රුසියානු සංස්කෘතික කේන්ද්‍රය
අංක 10, නිදහස් මාවත, කොළඹ 10

WikiMapia
රුසියානු තානාපති කාර්යාලය

ප.ලි.
පසුගිය ජනවාරියේ පටන් අරඹා ඇති මෙම චිත්‍රපට උළෙල ගැන දැනගැනීමට ලැබුනේ පෙබරවාරියේ වුවද, එහි පෙළ ගැස්මක් ආදී තොරතුරක් සොයාගත නොහැකි වූයෙන් මේ සටහන පලකිරීමට පමා විය. පෙබරවාරි 18 වැනි දා දිවයින වටමඩල අතිරේකයෙන් මෙම තොරතුරු උපුටා පළ කරන ලදී.

Sunday, January 31, 2010

හෙට දවස දකින්න... ලුම්බිණියට එන්න...

30 වැනි යොවුන් නාට්‍ය උළෙල පෙබරවාරි 01 දා සිට 13 දා දක්වා කොළඹ ලුම්බිණී රඟහලේදී පැවැත් වේ. සෑම දිනකම ප.ව. 6.30 ට ඇරඹෙන මෙම උළෙල සංවිධානය කිරීමට එක්වන්නෙ ජාතික තරුණ සේවා සභාව සහ තරුණ කටයුතු අමාත්‍යාංශයයි.

මෙවර උළෙලේ විශේෂත්වයක් වන්නේ ප්‍රථම වරට අම්පාර, යාපනය, මන්නාරම, මඩකලපුව සහ වව්නියාව යන දිස්ත්‍රික්ක වලින් දෙමළ කෙටි නාට්‍ය පිටපත් 47ක් ඉදිරිපත් වීමත් ඉන් 4ක් අවසන් වටය සඳහා තේරීමත්ය. සිංහල අංශයෙන් ද කෙටි නාට්‍ය පිටපත් 316ක් සහ නාට්‍ය පිටපත් 31ක් ඉදිරිපත් වී ඇත.

නාට්‍ය පෙළගැස්ම මෙසේයි...

පෙබරවාරි 1:
කූඩුවට එනකං - ගයාන් දේශප්‍රිය
අල්පෙනිති ඔළු - දිනූෂා ජයකොඩි
ක්‍රිකට් ගහන්න එන්න - චමිල ප්‍රියංක

පෙබරවාරි 2:
අමුතු හිරගෙයක් -
චමරු පතිරණ

පෙබරවාරි 3:
බල්ලො දෙන්නෙක් - ආනන්ද චන්ද්‍ර කුමාර
ආදරයක් කතා කරයි - දමිත් වැලිතල
සපත්තු මල් - හිරාන් සෙනෙවිරත්න

පෙබරවාරි 4:
පෙම් යුවළක් හා පෙම් යුවළක් - චාමර දේශප්‍රිය
මට නුඹ - කේ.ටී. දිල්හානි
මොහොතකට පසු - විදුර ශානකගේ
මයික්‍රොසොෆ්ට්ලාගේ අඳෝනාව - තරිඳු අබේසිරිවර්ධන

පෙබරවාරි 5:
ගෙන්දගම් උයන -
අයේෂා දිසානායක/ලක්මාල් චමින්ද

පෙබරවාරි 6:
රාජ්‍ය සේවය පිණිසයි - විජිත මැදවලගේ
සීතල පොද වැස්සක් - මොහොමඩ් ඉල්මි හසීම්
අත්තානං - හර්ෂ තෙන්නකෝන්

පෙබරවාරි 7:
නොකීවයි කියන්නෙපා - මලික් සුදම්ත ජයසිංහ
ප්‍රමාදය - එම්.පී. අනුරසිරි
සෙවැණැලි - තාරුක පුෂ්ප කුමාර/සමන් කුමාර ගමගේ

පෙබරවාරි 8:
අගමෙම්නොන් - ගයාන් රන්දීර

පෙබරවාරි 9:
පෙට්ටියක් දෙදහයි - ප්‍රදීප් කුමාර රාජපක්ෂ
හමුවීම - පාලිත අබේලාල්
ඩීසන් දෙන්නෙක් - සංජය රොෂාන්

පෙබරවාරි 10:
කුමාරවරු ඇවිත් - ගේවගේ බන්දුල

පෙබරවාරි 11:
සජීවී ටෙලි නාට්‍ය - චමින්ද අමරදාස
පරපුටු - යසන්ත කරුණාරත්න
පුංචි ජනේලය - ලංකා බණ්ඩාරනායක

පෙබරවාරි12:
මනිතම් - සෙල්වරාජා සීලාරන්
එම්මයි වාල විඩුංකල් - ටී. ජේසුදන්
තිරාදතාගම් - පවලසිංහගම් සිරිදරන්
කඩවුලුක්කෝර් කඩිදම් - කේ. ඉන්දිරාජා

පෙබරවාරි13:
හිස්අවකාශයේ පුටුව අරන් - එම්.සෆීර්

තොරතුරු 'දිවයින සිනමා කලා' (2010 ජනවාරි 29) අතිරේකය ඇසුරින්...

Tuesday, December 22, 2009

[Announcement] Drummer Wanted!

The Colombo based extreme metal band Aural Discord is looking for a competent drummer to join their ranks of purely music-oriented and open minded individuals.

Aural Discord are not confined to a genre, but play everything from thrash through melo-death to out-and-out death metal and are open to, and welcome, experimentation. They've been jamming together for over an year now and have quite a few original compositions they're looking to record.

We have our own place (Nightmare Studios) for practicing.

Aural Discord names a few of their influences as
Wintersun
In Flames
Arsis
The Absence
Death
Behemoth
Opeth
Nevermore etc.

If you are a drummer or if you know a drummer who'll be interested, drop a comment here, or give Suran a ring on 0775487108, and they'll put you in touch with some of their work.

Tuesday, November 24, 2009

All Jazz lovers in SL... here's your chance!


Fine tune you music skills with the Nils Olav Johansen (MySpace page) Jazz Quartet from Norway.

The acclaimed jazz band will conduct workshops for music students, teachers and jazz lovers.

Nov 26th at 3.30pm - University of Moratuwa (Civil Auditorium)

Nov 27th at 2.30pm - University of Colombo (Gymnasium)

Events are free and open to anyone...!


The workshops are organized by Sewalanka Foundation, Arusri Art Theatre and sponsored by the Norwegian Embassy.

for more details
077 2 375 584
http://gallemusicfestival.org

Wednesday, November 04, 2009

කොළඹ පෙන්නන ඒරොප්පෙ පික්චර්



යුරෝපා සංගමයේ තානාපති කාර්යාල සමග Alliance Française de Colombo එක්ව සංවිධානය කරන

'European Film Festival 2009 - යුරෝපීය සිනමා උළෙල 2009'


මෙම මස 7වැනිදා සිට දින 9ක කාලයක් පුරා කොළඹදී පැවැත්වේ. නැරඹිය යුතු චිත්‍රපට තෝරා බේරා ගැනීමේදී මෙවර ප්‍රේක්ෂකයින් අපහසු තාවයකට පත්වන්නේ එකවර ස්ථාන 4ක දර්ශන පැවැත්වෙන නිසා. නමුත් ඒ නිසාම දින 9කදී චිත්‍රපට 30ක් ප්‍රදර්ශනය කරන්නට සංවිධායකයින්ට අවස්ථාව ලැබී ඇත.

මෙහි මුල් දින රාත්‍රී දර්ශනය සුවිශේෂි වන්නෙ මෙවර 'කෑන්ස්' උළෙලේදී 'Cannes Classics' ගණයෙන් තිරගතවීමට තෝරාගෙන තිබූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 'ගම්පෙරළිය' චිත්‍රපටය තිරගත වන බැවිනි.

මෙම චිත්‍රපට උළෙල විවිධ රටවල නිමැවූ විවිධ අන්දමේ චිත්‍රපටි රැසකින් සමන්විත බැවින් ප්‍රේක්ෂකයන්ට මෙය මා හැඟි අවස්ථාවක් වනු නොඅනුමානය.

ප්‍රවේශපත්‍ර: සියළු දර්ශන නොමිලේ පැවැත්වේ
දිනය: 2009 නොවැම්බර් මස 7 වැනිදා සිට 15 වැනිදා දක්වා

ස්ථාන:
ප්‍රධාන සිනමා උළෙල - BMICH (9 films of 35mm)

සෙසු ස්ථාන - British Council / Goethe-Institut / Alliance Française (21 films, DVD screenings)

දර්ශන වේලාවන් : ප.ව. 5 සහ ප.ව. 7
උපසිරැසි: ඉංග්‍රීසි

කාල සටහන:



මූලාශ්‍ර: ප්‍රංශ තානාපති කාර්යාල වෙබ් අඩවිය

Monday, July 20, 2009

නාට්‍යක්... නෑ හතරක්... බලමුද?

මාළුවො පාරෙ ඇවිදින්නෙ නෑ - ගස්වල තරු පායන්නෙ නෑ
අහසේ මල් දකින්න හිතුවට එහෙම වෙන්නෙ නෑ



තවත් වතාවක් කලා කටයුත්තක් ගැන ඔත්තුවක් තමයි කියන්න හිතුවෙ. සිංහල නාට්‍ය කලාව ලැදි හැමෝම වගේ රාජිත දිසානායකගේ නාට්‍යවලටත් දැඩිව ඇලුම් කරනවාට සැකයක් නෑ. ඔහු රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද සම්මානනීය කලා කරුවෙක්. ඒ වගේම සම්මාන උළෙල ප්‍රදර්ශනයට පමණක් සිර වුණු නාට්‍ය ඔහුගේ නිර්මාණ අතර නෑ. ඔහුගේ සියළුම නාට්‍ය පාහේ දිවයින පුරා දර්ශන වාර විශාල ප්‍රමාණයක් වේදිකාගත වුණා.

රාජිත දිසානායක ගේ නාට්‍ය උළෙලක් මේ සතියේ පැවැත්වෙනවා. ඒ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ. මෙම නාට්‍ය උළෙල සංවිධානය කරන්නෙ හුදෙක් සමාජය හා ගැටීමෙන් තමා ලද අද්දැකීම් කැටි කළ මේ නිර්මාණ ප්‍රේක්ෂකයාට නැවතත් රසවිඳීමට අවස්ථාවක් ලබාදීමට බවයි ඔහු පවසන්නේ.

විශේෂයෙන්ම කොළඹ ලයනල් වෙන්ඩ්‍ට් වලින් නොනැවතී මේ උළෙලම පිට පළාත්වලත් ප්‍රදර්ශනය කිරීමට ඔහු බලාපොරොත්තු වෙනවා. ඔබේ ප්‍රදේශයේත් මෙම නාට්‍ය උළෙල රඟදැක්වීමට අවශ්‍යනම් සංවිධායකයින් අමතා කටයුතු සලස්වාගන්න පුළුවන්.

ලයනල් වේන්ඩ්ට් නාට්‍ය උළෙලේ කාල සටහන මෙසේයි.

ජූලි 23 - මට වෙඩි තියන්නෙ නැද්ද
ජූලි 24 - වීරයා මැරිලා
ජූලි 25 - සිහින හොරු අරං
ජූලි 26 - ආපහු හැරෙන්න බෑ

සියළුම දිනවල සවස 7.00ට දර්ශන ආරම්භ වෙනවා.


මෙහි ප්‍රවේශ පත්‍ර විශේෂයි...
ප්‍රවේශ පත්‍ර මිළදී ගැනීමට දැන් ලයනල් වෙන්ඩ්ට් හිදී හැකියාව තිබෙනවා. සාමාන්‍ය නාට්‍යක මිළට වඩා අඩු මිළකට මෙම උළෙල සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කර තිබෙන බවත් දැනගන්න ලැබුනා. ඊට අමතරව විශ්වවිද්‍යාල සහ පාසල් ශිෂ්‍යයින් සඳහා සහන මිළ ප්‍රවේශ පත්‍රයක්ද තිබෙනවා. එම ප්‍රවේශ පත්‍ර ගැනීමට මේ දිනවල ප.ව.2 සිට 4 දක්වා පමණක් ලයනල් වෙන්ඩ්ට් හිදී හැකියි. තවද නාට්‍ය 4ම නැරඹීම සඳහාත් විශේෂ මිළකට ප්‍රවේශපත්‍රයක් ද තිබෙන බව දැනගැන්න ලැබුනා.

ඡායාරූපය: සිළුමිණ පුවත්පතෙන්

Thursday, July 09, 2009

'සංක්‍රමණ' - වාර්තා චිත්‍රපට උළෙලක්


ජූලි මස 17 සහ 18 දෙදින 'සංක්‍රමණ' (Migrations) යන මැයෙන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලක් කොළඹ ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථානයේ සහ ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී නොමිලේ පැවැත්වේ.

මේ අතරට ප්‍රංශ, ජර්මානු, ඉන්දියානු, බංගලාදේශ සහ ශ්‍රී ලංකා චිත්‍රපට ඇතුළත් වේ.

දින දෙකෙහිදීම ප.ව. 3, 5 සහ 7 යන වේලාවන් හිදී ඉහත සඳහන් සංස්කෘතික මධ්‍යස්ථාන දෙකෙහිදීම චිත්‍රපට ප්‍රදර්ශනය කෙරේ.

කාල සටහන සඳහා මෙතැනට යන්න.

Alliance Française de Colombo - 11, Barnes Place, Colombo 7
Goethe-Institut Colombo - 39, Gregory's Road, Colombo 7

Saturday, July 04, 2009

උපන්දා මරණය (Death on Birthday)

තම පෙම්වතිය වන ජනකාන්ත නිළිය හමුවීමට පැමිණි මොහොතේදී සිදුවන අනපේක්ෂිත සිදුවීම හේතුවෙන් ජනමාධ්‍ය හරහා තම රහස් ජීවිතය හෙළිවීම වළක්වාලීමට වෙරදරණ අමාත්‍යවරයෙකුගේ හාස්‍යජනක කතාපුවත් රැගත් සිංහල වේදිකා ප්‍රහසනය.

නාලක විතානගේ නාට්‍ය නිර්මාණ
උපන්දා මරණය
(Death on Birthday)


අමිත්ත වීරසිංහ, දුලීකා මාරපන, බන්දුල විතානගේ, අයේෂා දිසානායක, මහින්ද තෙන්නකෝන්, උපාලි බණ්ඩාර, සංජය නාඋලගේ රංගනයෙන් දායක වන 'උපන්දා මරණය' ජූලි මස 12 වන ඉරිදා සවස 3.30ට සහ 6.30ට ලුම්බිණී රඟහලේදී මංගල වේදිකාගතවීම සිදු කෙරේ.

මෙම ලිපියේ කමෙන්ට් හරහා ද ප්‍රවේශපත්‍ර සඳහා ඉල්ලුම් කළ හැක.



දර්ශන විමසීම්: බන්දුල විතානගේ (+94 11 281 1818 හෝ +91 71 858 1248)

Thursday, May 21, 2009

ඔස්ට්‍රේලියානු චිත්‍රපට උළෙල 2009 - කොළඹ දී

ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් ස්ක්‍රීන් ඔස්ට්‍රේලියා සමග එක්ව සංවිධානය කරන 'ඔස්ට්‍රේලියානු චිත්‍රපට උළෙල 2009' කොළඹ දී පැවැත්වේ.

දිනය: මැයි මස 22 සිට 24 දින දක්වා
ස්ථානය:
බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ සිනමා ශාලාවේ
ප්‍රවේශපත්:
246 3200 (දිගුව 252) ඇමතීමෙන් නොමිලේ ප්‍රවේශපත්‍ර වෙන් කරගත හැක.

වැඩි විස්තර සඳහා මෙතැනට යන්න.

මෑතදී සම්මානයට පාත්‍රවුණු චිත්‍රපට
ප්‍රදර්ශනය කෙරෙන අතර ඊට ළමා චිත්‍රපට දෙකක් ද අතුළත්ය.

චිත්‍රපට පෙළගැස්ම මෙ‍සේයි:

මැයි 22 සිකුරාදා
11 am Amy (ළමා චිත්‍රපටය)
3 pm Lantana (වැඩිහිටියන්ට වඩා සුදුසුය)
6:30 pm Strictly Ballroom

මැයි 23 සෙනසුරාදා
11am The Bank
3 pm The Magic Pudding (ළමා චිත්‍රපටය)
4:30 pm Harvey Krumpet
6:30 pm The Dish

මැයි 24 ඉරිදා
11am Crackerjack
3 pm Jindabyne
6:30 pm Ten Canoes



Wednesday, March 25, 2009

ලෙල්ලට යනකං හූල්ලන කලා රසිකයෙක් La Brunante බැලුවාලු

බොහොම කාලෙක ඉඳන් වේදිකා නට්‍යක් බලන්න ආසාවක් හිතේ පැලපදියම් වෙලා තිබුණා. අන්තිම වතාවට බලපු වේදිකා නාට්‍යය කොයි එකද කියල හරියටම මතක නෑ. එක්කෝ ජනක් ප්‍රේමලාල්ගේ 'රජගහේ නාඩගම' නැත්තං බන්දුල විතානගේගේ (මතක හැටියට) පරිවර්තන නිෂ්පාදනයක් වන 'සමාවෙන්න වැරදීමක්'. ඔය දෙකින් එකක් බැලුවෙ එල්ෆින්ස්ටන්. අනික ජෝන් ද සිල්වා රඟහලේදි. කිව්වට විශ්වාස කරන්න ඒ 2001දි නැත්තං 2002 දි. එදා ඉඳන් අවුරුදු 7ක් විතර යනකන් වේදිකා නාට්‍යක් බලල නෑ! මොන තරං කාලකන්නියෙක්ද හැබෑට!

මෑත බාගෙයේ අළුත් මෙන්ම පැරණි (සහ පැරණි නාට්‍ය වල නව නිපැයුම් ලෙසත්) වේදිකා නාට්‍ය බොහොමයක් දිගහැරෙමින් තියනවා. 'හුණු වටයේ කතාව, කපුටු බෝ, කැළණි පාලම, සාරංගා නැවෙන් ඇවිත්' විතරක් නෙමෙයි 'ජන කරළිය' ජංගම රඟහලේ නාට්‍ය රොත්තත් ඒ අතර මතකයට එනවා. පේන හැටියට නම් වේදිකා නාට්‍ය කලාවට හොඳ කල දවසක් ඇවිත් වගේ. මේව ගැන 'දිවයිනේ' යන දැන්වීම් බල බල හූල්ල හූල්ල ඉන්නවා. අද යනවා... හෙට යනවා... හීල්ලිල්ල විතරයි... රස්සා කෙරිල්ල එක්ක නාට්‍ය බැලිල්ල මාර අභියෝගයක්!

අභියෝගය භාර ගන්නවද...? භාරගන්නවා හත්වලාමේ, හැබැයි කවද කොරයිද කියන්ඩ බෑ ඕං...

මේ අතර මම බලන්නම ආසාවෙන් හිටිය මගේ ප්‍රියතම නාට්‍යකරුවා සහ රංගන ශිල්පියා වන ජයලත් මනෝරත්නයන්ගේ අළුත් නාට්‍ය දෙකක්ම ආවා. මහගමසේකරයන්ගෙ කවිපද රචනා ඇසුරෙන් සෑදූ ඒ ගීතමය නාට්‍යයේ නමනං මතක නෑ. අනික තමයි තවමත් වේදිකාගත වන 'සුදු රෙදි හොරු'. ඊට අමතරව රාජිත දිසානායකගේ මං කැමති නාට්‍ය ගොන්නක්ම මට මගහැරුණා. අනේ අපොයි! ෆිල්ම් එකක් නං පස්සෙ DVD හොයාගන්න පුළුවන්. ඒත් මේව...! :(

හැබැයි මේ කාල පරාසය අතරේ චිත්‍රපටි රොත්තක් නම් බැලුවා. (නෑ නෑ..., ගෙදර ඉඳං බාගෙන බලන ඒව මෙතෙන්ට ඔට්ටු නෑ.) ගරිල්ලා මාකටිං, අස්වැසුම, වෑකන්ද වළව්ව, සංකාරා, උඩුගංයාමය, Dark Knight (දෙපාරයි), Madagascar II, Ironman, Hulk, Spiderman III, Transformers (දෙපාරයි), King Kong (දෙපාරයි) වගේ චිත්‍රපට ප්‍රදර්ශන ශාලාවටම ගිහින් බැලුවෙ සැබෑ 'පික්චර් හෝල්' ආශ්වාදයක් ලබන්න තියන කැමැත්ත නිසයි.

මට මේ හෑල්ල ලියන්න මුල් වුණේ අද මේ වගේ තවත් දොළදුකක් සංසිඳුවා ගත්ත දවසක් නිසයි. මම කලින් ලිපියේ කියපු ප්‍රංශ භාෂා චිත්‍රපට උළෙලේ ඊයෙ රාත්‍රී 7 දර්ශනයට යන්න තරම් පූරුවෙ පිනක් තිබුණා. චිත්‍රපටියෙ නම තමයි La Brunante. ඉංගිරිසියෙන් නම Twilight (නොහොත් Dusk). ඒ කියන්නෙ සන්ධ්‍යාව නැත්තං ගොම්මන. Fernand Dansereau විසින් අධ්‍යක්ෂණය කෙරුණු මෙය ප්‍රංශ භාෂාවෙන් කෙරුණු කැනේඩියානු නිෂ්පාදනයක්. චිත්‍රපටය බලල ඇති වුණු සිතුවිලි ටිකක් බොහොම කෙටියෙන් ලියන්න හිතුනා.

මේ කතාවෙ වස්තු බීජය Alzheimer disease කියන රෝගයයි. මේ රෝගී තත්වයෙන් පෙලෙන වයසක කාන්තාවක් සහ ඇයට අහම්බෙන් මුණගැසෙන තරුණියක් වටා කතාව ගලා යනවා. අහම්බෙන් හමුවෙන ඒ දෙදෙනාගෙ කතා බහෙන් සහ යම් යම් ක්‍රියාකාරකම් මගින් ඒ දෙදෙනාම මුහුණ පා සිටින්නෙ සමාන ප්‍රශ්නාවලියකට බව ප්‍රේක්ෂකයාට හඟවනවා. නමුත් ඔවුන් දෙදෙනාගේ අතර නොදැනුවත්වම ඇතිවන බැඳීම ඒ ජීවිත වල අරමුණු වෙනස් කරනවා. අවසානයේ ඒක එහෙම්මමත් නෑ කියලත් හිතෙනවා. නමුත් අවසාන ප්‍රතිඵලයේ තීරණය වන්නෙත් මේ ඇතිවන බැඳීම නිසාමයි. (ඔයාලත් චිත්‍රපටි හොයාගෙන බලන්න, මේ වගේ උඩින් පල්ලෙන් කියල දැම්මෙ බලන කෙනෙකුට කතාව කලින්ම දැනගත්තහම ඒකෙ ආශ්වාදයක් නැතිවෙයි කියලයි)

අධ්‍යක්ෂනය, රංගනය ආදිය උපරිමයි කියන්න බැරි වුණත් සෑහෙන ඉහල මට්ටමක තිබුණා. නමුත් කැමරාකරණය සහ සංස්කරණයේ යම් දුර්වලතා දැනුනා. කතාවේ ගලා යෑම (තිර රචනය) අතිශයින්ම සාර්ථක ලෙස සැකසුම්ගත කර තිබුනා.





කොහොම වුණත් අන්තිමේදි, ලෙඩක් වස්තු බීජය කොට ගෙතුනු කතාවක් වුණත් ඉන් අපට අපේ ජීවිත ගැනම අළුත් මුහුණුවරකින් හිතන්න යමක් ඉතිරි කරනවා. අපි ගැන විතරක් නෙමෙයි අප වටා ඉන්න අපේ පවුලේ උදවිය, මිතුරු මිතුරියන්, එදිනෙදා සමාජයේදි හමුවන විවිධ පුද්ගලයන් ගැන වුවද වෙනස් විදිහකට හිතන්න අපව පොළඹනවා.

මේ වෙනුවෙන් මගේ IMDB rating එක 7යි. :)

Monday, March 23, 2009

ප්‍රංශ භාෂා චිත්‍රපට උළෙලක්


මේ දිනවල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සිනමාහලේදි ප්‍රංශ භාෂා චිත්‍රපට උළෙලක් පැවැත්වෙනවා. 'ප්‍රංශ භාෂා' කියා කීවේ, මෙහි ප්‍රදර්ශනය වන්නෙ ප්‍රංශයේ නිෂ්පාදිත චිත්‍රපට පමණක් නොවන නිසා. බෙල්ජියම, කැනඩාව, රුමේනියාව සහ ස්විස්ටර්ලන්තයේත් ප්‍රංශ භාෂාවෙන් නිපදවූ චිත්‍රපට මෙහි ප්‍රදර්ශනය වෙනවා.

මාර්තු මස 21 සිට 25 දක්වා 2:30, 4:30, 7:00 ලෙස දර්ශන සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙනවා.

මෙය Colombo Film Circle මගින් සංවිධානය කරන්නෙ ඉහත කී රටවල තානාපති කාර්යාලවල සහ ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේද සහයෝගය ඇතිව.

සාමාන්‍යයෙන් අන්තර්ජාතික චිත්‍රපට උළෙලක ළමුන් වෙනුවෙන් චිත්‍රපට නොපෙන්වන තරම් වුවත්, මෙහි 2:30 දර්ශන සියල්ල ළමුන් වෙනුවෙන් තැනූ ඒවා. (2001 හෝ 2002දී BMICH එකේදිම තිබුනු ඔස්ට්‍රේලියානු චිත්‍රපට උළෙලකට තම ද‍රුවාද සමග පැමිණ සිටි මවක් චිත්‍රපටයේ සමහර දර්ශන දිගහැරෙද්දී අසුනින් නැගිට යනු දුටුවා මතකයි)

මෙහි කාලසටහන් සහ තවත් විස්තර මෙතනින් දැනගන්න.

මෙයින් එකකට හරි පැනගන්න වෙලාවක් හොයාගන්නෙ කොහොමද කියල මං මේ කල්පනා කරන්නෙ... ;)

Wednesday, February 25, 2009

නොමිලේ පරිගණක චිත්‍රණ පාඨමාලාවක්

මේ අද දිවයින පත්තරෙන් ලැබුණු ඔත්තුවක් ඇසුරෙන්, හුදෙක් එක් අයෙකු හෝ ඉන් ප්‍රයෝජනයක් ගනී යන අටියෙන් පළ කරන බව කරුණාවෙන් සළකන්න.

පරිගණක චිත්‍රණ ශිල්පය (Computer Graphic Designing) හැදෑරීමට බලාපොරොත්තුවන තරුණ තරුණියන්ට 'ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය' මගින් නොමිලේ පවත්වන පාඨමාලාව සඳහා දැන් අයදුම්පත් භාරගනී.

සුදුසුකම්:
  • කුමන විෂය ධාරාවකින් හෝ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීම.
  • තම පවුලේ මාසික ආදායම රු. 20,000 ට වඩා අඩු බවට අදාළ ග්‍රාම සේවක නිලධාරියා සහ ප්‍රාදේශීය ලේකම්වරයා සහතික කළ යුතුය.
පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන අතර නිර්මාණශීලී හැකියාවන් ඇති අයදුම්කරුවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරේ.

අයදුම්පත් යැවිය යුතු ලිපිනය:
සහකාර අධ්‍යක්ෂ
ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය
අංක 354, ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට.
වැඩි විස්තර සඳහා අංශභාර උපදේශක (077-4445737) අමතන්න.

Tuesday, November 11, 2008

දෙදාස් අටේ චිත්‍රපටි

මගේ බ්ලොග් එකේ මීට කලින් නොලියපු තාලෙ ලිපියක් මේ ලියන්න යන්නෙ. චිත්‍රපටි ගැන ‍පොඩි කතාවක්. මං බ්ලොග් එකේ චිත්‍රපටි ගැන පොඩි සමීක්ෂණයක් දැම්මා. ඒ සම්බන්ධයෙන් පෙරවදනක් තමයි මේ.

චිත්‍රපටි බලන එක බොහෝ දෙනෙක්ගෙ වගේම ම‍ගෙත් හොඳ විනෝදාංශයක්. කවුරු හරි ඇහුවොත් මොනව වගේ චිත්‍රපටි වලටද කැමතියි කියල, මට ඒකටනං දෙන්න උත්තරයක් නෑ. මොකද චිත්‍රපටි වර්ගය අනුව තෝරගෙන බලන කෙනෙක් නෙමයි මම. ඕනෙම වර්ගයක ඕනෙම භාෂාවක චිත්‍රපටි මං බලනව. හැබැයි බැලුවට පස්සෙනං ඒවයින් බොහොමයකට මෙතෙක් මගේන ලැබිල තියෙන්නෙ ඍණ ලකුණු. මං කැමති වෙන්නෙ හොඳ කතාවක්, අපූරු රංගනයක් වගේම, චිත්‍රපටියෙ නිෂ්පාදන අංශයෙනුත් (අධ්‍යක්ෂණය, කැමරා, සංගීතය, කලා අධ්‍යක්ෂණය, තාක්ෂණික භාවිතය ආදිය) ඉහළ මට්ටමක තියනවනං විතරයි. ඒ මට්ටම මේකයි කියල මට විස්තර කරන්න බැහැ. ඒක මට හැ‍ඟෙන විදිහ තමයි.

බොහෝ දෙනෙකුට වගේ මටත් වැඩිපුර බලන්න ලැබෙන්නෙ හොලිවුඩ් චිත්‍රපටි. (දන්නවනෙ, විවිධ මාර්ග වලින් ලැබෙනව ;) සිංහල චිත්‍රපටි බලන්න බොහොම කැමැත්තක් තිබුනත්, චිත්‍රපටි ශාලාවකට යන්න වෙලාව හොයාගන්න හරිම අමාරුයි. පුළුවන් හැම වෙලාවකම හොඳයි කියල හිතෙන සිංහල චිත්‍රපටියක් බලන්න කොහොම හරි යනව.

හොලිවුඩ් චිත්‍රපටි රසිකයන්ට 2008 වසර මතක හිටින වසරක්. මේ වසර තුළ නිකුත් වුණු බොහොමයක් චිත්‍රපට අති සාර්ථකයි. (මං කැමති වෙන්න හේතු වෙන සියළු කාරණා පාහේ ඒවායේ තිබුණා) මගේ සමීක්ෂණය වෙන්නෙ, මේ වසර තුළ නිකුත්වී, සාර්ථක වුණු චිත්‍රපටි කීපයක් ඇසුරෙන් වැඩි දෙනාගේ මනාපය දිනාගන්නෙ මොන චිත්‍රපටියද කියල තෝරන එකයි. හැබැයි ඡන්දෙට දාල තියන චිත්‍රපටි 6 තේරුවෙ මගේ කැමැත්ත අනුව. ඒ අතරින් කැමතිම එක තෝරන එක තමයි ඔයාලගේ වැඩේ. ;)

චිත්‍රපටි ලැයිස්තුව මෙහෙමයි;
Iron Man
The Incredible Hulk
Wall-E
The Dark Knight
Indiana Jones and the Kingdom of the Crystal Skull
Madagascar - Escape 2 Africa

මේ ලැයිස්තුවෙන් Wall-E හැර අනෙක් 5ම ලංකාවෙ ශාලාවල ප්‍රර්ශනය කළා. (Madagascar - Escape 2 Africa ළඟදීම ප්‍රදර්ශනය කිරීමට නියමිතයි)

Iron Man, Hulk සහ The Dark Knight කියන චිත්‍රපටි 3ම පැරණි චිත්‍රකතා පොත් ඇසුරෙන් නිපැයුනු කතාවීම විශේෂත්වයක්. මං හිතන්නෙ මේ දවස්වල හොලිවුඩ් වල තියන එක රැල්ලක් තමයි චිත්‍රකතා වීරයින් සිනමාවට නගන එක. ඒකට වගකියන්න ඕනෙ X-Men සහ Spiderman චිත්‍රපටියි. (Iron Man හි දෙවැන්න ලබන වසරේදී - එනම් මුල් චිත්‍රපටයෙන් එක් වසරකට පසුව ප්‍රදර්ශනය කිරීමට නියමිතවීම විශේෂත්වයක්)

Wall-E කියන්නෙ බොහොම අපූරු ත්‍රිමාණ කාටූන් චිත්‍රපටියක්. එහි කතාවටත් ව‍ඩා මගේ හිත ගියේ Wall-E කියන රොබෝවට එහි නිර්මාපකයන් විසින් දී තිබූ හැඟීම් ප්‍රකාශකිරීමේ ආකාරයයි. ඒ රොබෝවෙන් සතුට, දුක, බය, ආදරය, කරුණාව වගේ හැඟීම්, වචනයෙන් විස්තර ළ නොහැකි තරම් අපූරුවට එහි නිර්මාපකයන් විසින් ප්‍රකාශය කරණු ලැබුවා. එය නම් විශිෂ්ට "ඇනිමේෂන්" විස්කමක්.

මේ ලැයිස්තුවේ ම‍ගේ ප්‍රියතම චිත්‍රපටියත් තියනවා. ඒ තමයි The Dark Knight. එය Batman Begins චිත්‍රපටියේ දෙවන කොටසයි. පැය 2කට අධික කාලයක් දිවෙන මෙහි, සෑම තත්පරයක්ම ත්‍රාසයෙන් අනූනව කතාව ගලායෑම අතිවිශිෂ්ටයි. සාමාන්‍ය හොලිවුඩ් චිත්‍රපටයකට කතාවෙහි ගලායාමට වඩා මෙය සම්පූර්ණයෙන්ම වෙනස් වන්නෙ ඒ නිසාමයි. කතාවෙහි 'වීරයා' Batman (Christian Bale) වුවද, එහි 'සතුරා' වන Joker (Heath Ledger) ගේ චරිතය මෙතෙක් හොලිවුඩයෙන් පිටවුනු සියළුම චිත්‍රපටිවල සිටි සතුරන්ගේ චරිතයන්ගෙන් හාත්පසින්ම වෙනස්, චිත්‍රපටය පුරා ප්‍රධාන තේමාව පවට පත්වන චරිතය බවට පත්කොට ඇති ආකාරය, සුවිශේෂ කතා ලිවීමේ ප්‍රතිභාවක් පෙන්නුම් කරනවා. අති සූක්ෂම ‍සොරකු වන Joker ලෙස Heath Ledger කරන සාර්ථක රඟපෑම එදා මෙදාතුර චිත්‍රපට ඉතිහාසයේ දැක්වුනු හොඳම රංගනයන් අතලොසට එක්වන බවට චිත්‍රපට විචාරකයින් පැවසීම අතිශොක්තියක් නොවෙයි. (Heath Ledger නම් විශිෂ්ඨ රංගන ශිල්පියා The Dark Knight ප්‍රදර්ශනය වීමටත් පෙර අකාලයේ මෙලොවින් සමුගත් බව කණගාටුවෙන් ලියාතබමි.) කතා ලිවීම, අධ්‍යක්ෂණය, රංගනය උසස්ම තලයක තිබෙන මෙම චිත්‍රපටියේ සංගීතයද සුවිශේෂයි. ප්‍රේක්ෂකයාගේ ත්‍රාසය තව තවත් තීවෘකරන අයුරින් සංගීතය මුසුකර තිබෙනවා. කැමරා අධ්‍යක්ෂණය ගැන නම් විශේෂයෙන් කියන්න දෙයක් නැති තරමට සාමාන්‍යයි.

මෙතරම් විශිෂ්ඨයැයි මා කියන, මගේ ප්‍රියතම චිත්‍රපටියේ එක් වැදගත් අතපසුවීමක් "දෙවනි වරටත්" චිත්‍රපටි ශාලාවේ එය නරඹද්දී මට අසුවුණා. එය සංස්කරණ / සහාය අධ්‍යක්ෂණ / කලා අධ්‍යක්ණ ‍දෝෂයක් විය හැකියි. (මං හරියටම කෝකද කියල කියන්න දන්නෑ.) කතාවට ඉන් හානියක් නැතත්, එය යම් පමණකට චිත්‍රපටියේ ප්‍රතිරූපයට හානිකර විය හැකි බවයි මගේ හැඟීම. අතපසුවීම මෙතැන යැයි මා මෙහි සඳහන් නොකර, පසු දිනක ලිවීමට සිතුවා.

තවත් ත්‍රිමාණ සජීවීකරණයක් වන Madagascar - Escape 2 Africa චිත්‍රපටය ඇමරිකාවේ ප්‍රධර්ෂණය ඇරඹුනේ පසුගිය නොවැම්බර් 7වැනිදායි. එයද Madagascar නම් චිත්‍රපටියේ දෙවැන්නයි. මේ වන විට ඇමරිකානු බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ පෙරමුණෙහි සිටිනව. ලංකාවේ චිත්‍රපටි ශාලාවකත් මෙය ඉදිරියේදී ප්‍රදර්ශනය කිරීමට නියමිත වුවත්, කවදාද යන්න තවම සඳහන් නැහැ. චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නම් මා මීට පෙර බ්ලොග් සටහනක පළකලා.

දැන් ඉතින් ඔය‍ගොල්ලන්ට තියෙන්නෙ මගේ පුංචි සමීක්ෂණයට තමන්ගේ මනාපය ලකුණු කරල දායක වෙන එකයි. ඒකට බොහොම ස්තූතියි! චිත්‍රපටි වැඩි වැඩියෙන් බලන්න ලැබේවා!! ;)






Thursday, April 03, 2008

Chinese Film Festival in Sri Lanka

Dates: From 3rd to 6th of April.
Venue: BMICH Cinema (Colombo) and Sigiri Cinema (Katugasthota, Kandy).
Tickets: Free of charge

Call for Love
New Cinema at National Film Corporation (Invitees only) - April 3rd at 6pm
Sigiri - April 6th at 10.30am

When Nuoma was Seventeen
BMICH - April 4th at 3 pm
Sigiri - April 6th at 2.30 pm

A Railway in the Clouds
BMICH - April 4th at 6 pm

Prince of the Himalayas
BMICH - April 5th at 3 pm

Honeymoon
BMICH - April 5th at 6 pm

Gun of Mercy
Sigiri - April 6th (Invitees only)