Friday, April 10, 2009

කුණා‍ටුව විනිවිද...


චණ්ඩ මේඝයක් ඇදී
දෙපළු කර මහ වනය
වළා කැටි එකතු කොට
ගුලි ගසා වීසි කර

ගුගුරුවා මුළු අහස
පතුරමින් මරබියද
ගස් කොළන් විනිවිදියි
සුදු විදුලි එළි යමින්

අනෝරා වැසි හැලෙයි
පොළොව පොඟමින් දසත
තෙත බරිත කරවමින්
ඇස ගැටෙන පලාතම

ඉරක් නැති ඉමක්‍ නැති
පිරිය නම් නෙතට නැති
අඳුර පමණක්ම ඇති
මහ මේඝ රජදහන

හා ඇවිද යනු මැදින්
නොවී කිසිදින සලිත
නුඹ නොවෙයි පළමුවා
මේ ගමන පය තබන

ලෝකයක් ඇත බලා
නුඹ දකින තුරු එළිය
සමබරව ඇදෙනු මැයි
නොසැලීම සිත නුඹ


© රූපය මවිසින් Illustrator සහ Photoshop භාවිත කරමින් අඳිනු ලැබූවක්.

3 comments:

  1. හිතට වැදුනු නිසඳැසක්, ස්තූතියි මිත්‍රයා...
    මේ පින්තූරේ පුදුමයි. ගොඩාක් දේවල් කැටි කරලා පෙන්වනවා. නිල්පාට සහ කලු පාට යොදාගත්තේ ඇයි ?

    ReplyDelete
  2. @Bo, malee_msg: බොහොම ස්තූතියි.
    මේ කවිය නම් හදිසියේ ලියවුනේ. කොහොම වුනත් හිතේ තියන දෙයක්නෙ ලියවෙන්න ඕනෙ! හැබැයි පින්තූරෙනං දැං මාසෙක විතර ඉඳන් අඳිනවා. එක එක ඒව කර කර මේක ඇඳ ඇඳ හිටියා. ඊයෙ තමයි 'දැං ඇඳලා ඉවරයි' කියල හිතුනේ. ඉතිං ඒ එක්කම කවි සිතුවිල්ලකුත් ආවා.

    @බෝ: පින්තූරෙන් මූලිකව පෙන්නුම් කරන්න උත්සාහ කළේ අපේ හිතේ ඇති සුදු කළු දෙපැත්තයි. ඒක සුදු-කළු, දුක-සතුට, හොඳ-නරක වගේ කැමති විදිහකට ගන්න පුළුවන්. මේ දෙකොට්ඨාෂය මැද්දෙ අපේ සිත දෝලනය වෙන බවයි කියන්න හිතුවෙ.

    නිල් මගින් සිතට දැනෙන සිසිලස / සුභවාදී හැඟීම් සහ කළු මගින් අසුභවාදී අන්ධකාරය නිරූපනය කරන්න තමයි උත්සාහ කළේ. පසුබිම කළුවෙන් තිබ්බෙ, මං හිතන විදිහට අපේ හිත සමස්ථයක් හැටියට කළුයි. ඒක සුදු වෙන්න නම් හිත නි‍වන මගකට යොමු වෙන්න ඕනෙ. එතකං හිත කළුයි.

    ReplyDelete