ගිණි පිඹින මහ පොළවෙ
දෙපා අදිමින් ඔහේ
අඩවන්ව පියැවිගත්
දෑස් නොදකින ඉමේ
රක්ත වන් දුමාරයෙ
ගැලී මත්වී ලෙසේ
ඉබාගාතේ දිවෙන
සොඳුරු නූතන යුගේ
මිරිඟුවෙන් සැබෑ දිය
වෙන් කරන පාඩමේ
අ යනු ආ යනු යළිත්
රැව් දෙන්න බුදු පොතේ
බිඳෙන් බිඳ සිත් සතන්
සැනහෙන්න මේ ලෙසේ
සත් දනෝ පොදි බැඳන්
සැරසෙන්න මේ දිනේ
Tuesday, May 17, 2011
Friday, November 26, 2010
චීන චිත්රපට උළෙලක් කොළඹ දී
චීන තානාපති කාර්යාලය සහ ජාතික චිත්රපට සංස්ථාව එක්ව සංවිධානය කරනු ලබන චීන චිත්රපට උළෙලක් හෙට සිට දින හතරක් පුරා පැවැත්වේ. චිත්රපට සංස්ථා සිනමා ශාලාවේ දී නොමිලේ ප්රදර්ශනය කරන මෙහි චිත්රපට පෙළගැස්ම පහත දැක්වේ.
නොවැ 27
4.00pm Gimme Kudos
6.00pm Crouching Tiger Hidden Dragon
නොවැ 28
4.00pm Li Mi Conjecture
6.00pm Cell Phone
නොවැ 29
5.30pm The Volunteers
නොවැ 30
5.30pm The Knot
Wednesday, October 20, 2010
පෙම් කෙලිය
කකියනව ඔලු ගෙඩිය
හිතලම උඹ ගැන
වෙන කිසිම දේකට
ඉස්පාසුවක් නෑ...
කැකෑරෙන ගොඩක් දේ
හිත ඇතුලෙ පොදි ගැහෙන
හම්බුවෙන ටික මොහොත
මදි හින්ද කියාගන්න
නින්දෙනුත් සාමීචියෙ
උඹ එක්ක...
හොඳ - නරක වාදෙ
හැමදාම වගේ...
ඒත් මොකද ඉතිං
පෙරේද බලපු හින්දියෙ වගේ
අන්තිමට හැමදේම
සතුටෙන්ම අහවර වේවි...!
හිතලම උඹ ගැන
වෙන කිසිම දේකට
ඉස්පාසුවක් නෑ...
කැකෑරෙන ගොඩක් දේ
හිත ඇතුලෙ පොදි ගැහෙන
හම්බුවෙන ටික මොහොත
මදි හින්ද කියාගන්න
නින්දෙනුත් සාමීචියෙ
උඹ එක්ක...
හොඳ - නරක වාදෙ
හැමදාම වගේ...
ඒත් මොකද ඉතිං
පෙරේද බලපු හින්දියෙ වගේ
අන්තිමට හැමදේම
සතුටෙන්ම අහවර වේවි...!
Friday, September 17, 2010
ඔබේ දෑසින්...
Friday, September 03, 2010
මගෙ ආලෙ...
Subscribe to:
Posts (Atom)



