Tuesday, September 18, 2007

දම්පල් නිරිඳාන...

බිනර මස දාහත්වැනි දිනට යෙදී තිබුණු අනගාරික ධර්මපාල උතුමන්ගේ 143 වැනි ජන්මදිනය වෙනුවෙනි...

නිදා සිටි ජාතියකට පණ පොවා නැගිටුවා
රටක් දැයක් සමයක් ඇති බව පසක් කරවා
ඒ පුණ්‍යකර්මයට... නින්දා අපහාසයෙන් පිදුම් ලැබූ
ජාතියේ පියානෙණි...

සදා අමරණීයයි ඔබ
දැයක් ඇති මේ මනු උයන පවතින තාක්

මේ කාලයයි දෝ සිතේ
යළිත්
ඔබේ උදාන වදන්
රැව් පිළිරැව් දෙන්නට

බුද්ධගයාව නොව
මේ දේශය රැකගන්නට...





ධර්මපාලතුමා ලියූ පොත් :
The Arya Dharma of Sakyamuni Gautama The Buddha

වැඩි තොරතුරු :
1. විකීපීඩියා‍ව
2. ලන්ඩන් බෞද්ධ විහාරය
3. http://www.rootsweb.com/~lkawgw/anadha.html
4. http://www.geocities.com/Athens/Academy/5352/anagarika.html
5. ගූගල් සෙවුම

No comments:

Post a Comment