dmoz Mozilla's Open Directory Project

Sunday, November 08, 2009

නිශාචර පාපොච්චාරණය

යකාගෙ හෝරාව
යක් හඬක් නගද්දී
වීදි සරමින් ඇදෙන
කාකයන් බලද්දී

නොදැනීම මගෙ තරම
අනුව අන් සියල්ලන්
අඳුරු කුටි එකින් එක
රිංගමින් රස බැලිමි

පර බසක් ගිගුම් දෙන
ගැටෙන වීදුරු නදට
එක්ව පානා සිනහ
එක්ව පෑවෙමි මමත්

දුම් පිරුණු ගුහාවක
රත වැටුණු වතක් දැක
කොයි ලෙසද ඒ රසත්
ඉල්ලමින් පාවුනෙමි

හද හඬන හඬ නොදැන
ගිගුම් දෙන පොඩි ඉඩක
නොදන්නා තාලයට
සඳක් හා වැනුනි තව

යකාගේ හෝරාවෙ
අවසාන කනිසමට
රත් දෙනෙත් දුන් සිනා
සිත් නොදෙයි නික්මෙන්න

සියොත් සර නගද්දී
කැදලි හැර ඇදෙද්දී
මා ඇදුනි කූඩුවට
හෙටක් ගැන සිත් නැතිව

4 comments:

Dasun Sameera - දසුන් සමීර said...

නියමයි සහෝදරයා.
නිරුවත් නිශාචරයාගේ වත.

~බිன்ku~ said...

කාලෙකට පස්සේ නෙව සහෝ! ඒත් ඒ ඇවිත් තියෙන්නේ අනගි පැඳිපෙළක් එක්ක. Halloween නැති අපේ රටට නිශාචර අත්දැකිමක් දැන්නුවා වගේ! :) ස්තුතියි සහෝ Halloween නැති මාව ලංකාවේ පරිසරයේ නිශාචරයෙක් ලෙසින් කැදවන් ගියාට. :) :)

shakthi weeravardhana said...

ශානු අයියේ.

වින්දෙමි
නිශාචර රැය
උපේක්ෂාවෙන්

අගෙයි !

Umayanga Suran Jayathilaka said...

This is really nice dude!