dmoz Mozilla's Open Directory Project

Wednesday, February 25, 2009

නොමිලේ පරිගණක චිත්‍රණ පාඨමාලාවක්

මේ අද දිවයින පත්තරෙන් ලැබුණු ඔත්තුවක් ඇසුරෙන්, හුදෙක් එක් අයෙකු හෝ ඉන් ප්‍රයෝජනයක් ගනී යන අටියෙන් පළ කරන බව කරුණාවෙන් සළකන්න.

පරිගණක චිත්‍රණ ශිල්පය (Computer Graphic Designing) හැදෑරීමට බලාපොරොත්තුවන තරුණ තරුණියන්ට 'ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය' මගින් නොමිලේ පවත්වන පාඨමාලාව සඳහා දැන් අයදුම්පත් භාරගනී.

සුදුසුකම්:
  • කුමන විෂය ධාරාවකින් හෝ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීම.
  • තම පවුලේ මාසික ආදායම රු. 20,000 ට වඩා අඩු බවට අදාළ ග්‍රාම සේවක නිලධාරියා සහ ප්‍රාදේශීය ලේකම්වරයා සහතික කළ යුතුය.
පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන අතර නිර්මාණශීලී හැකියාවන් ඇති අයදුම්කරුවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරේ.

අයදුම්පත් යැවිය යුතු ලිපිනය:
සහකාර අධ්‍යක්ෂ
ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය
අංක 354, ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට.
වැඩි විස්තර සඳහා අංශභාර උපදේශක (077-4445737) අමතන්න.

3 comments:

ඩනිෂ්ක said...

හොඳ ඔත්තුවක්! :)

ගයන්ත said...

ඔත්තුව නම් හොඳයි.
ඒත් කොහොම query කලත් අපිව අහු වෙන්නේ නෑ‍.

course එකක් කරනව නම් 20~30,000 ක් යනවා. නිකං කරන එකට ඇතුල් වෙන්න දෙන්නේ නෑ.

අපිටමයි වෙන්නේ :'(

SRIshanu said...

@ගයන්ත
ඒකනං එහෙම තමයි. :)
query එකට ගැලපෙන කෙනෙක් හමුබවුනොත් ඔත්තුව පාස් කරන්න. මේක මෙහි පල කරපු එකේ අරමුණත් ඒකයි.