dmoz Mozilla's Open Directory Project

Monday, December 01, 2008

පෂ්චාත්තාපය නොහොත් හෘද සාක්ෂිය

කටට රහට තුං වේලම
ලුණු ඇඹුල් පදමට
උණු තේකක් හවසට!

ඩීසල් අඩු කළාලු
බස් ගණං බස්සලා
ගෑසුත්!

සුපර්මාකට් - ෂොපිං
කෑම -බීම - ඇඳුම් - පැළඳුම්
සේල්! සේල්!! සේල්!!!

අද සිකුරාදා
රෑට පාටි - ක්ලබ් - රට බීම
ඉරිදට ක්‍රිකට්!


දෙස් දෙවොල් තියනවා
හිත මටම බනිනවා
ඇයි මටත් බැරි උනේ
උඹ වගේ වෙන්න?

උඹ ඔහේ - මං මෙතන
ඇයි ද මන්දා
හිත මටම බනිනවා
ඒ ගැනම කියනවා

වන්නි යන ලොරියට
තැඹිලි - චොකලට් පටවලා
මම ම මගේ හිත රවටනව
මොහොතකට!


10 comments:

Bo said...

වම් පස වදන් පෙළ, පවසයි ගොඩ වැඩිකරගැනීමේ ප්‍රයත්නයේ යෙදෙන්නන්ගේ දෛනික චර්‍යාවන්. දකුණු පස වදන් පෙළ, සන් කරනවා හිතට, යතාර්ථය පසක් කරන්න වෙර දරන මනසක අරුමය. මගේ කියැවීම හරි වැරදි වටහා ගත්තත් මේ ටික ලියන්න හිතුනා, සිංහලෙන්ම. අවදි වුන රැඩිකල් ලියන්නාට සුභ පැතුම් !

djmlog103 said...

කවියෙක් උනේ කවද්ද? හික් හික්.

නාලක said...

ඒක තමයි. මාවත් උඩ ගියා එක පාරට :).. කෙසේ වෙතත් මගේ සුබ පැතුම්. දිගටම ලියන්න. අපි ආසාවෙන් බලන් ඉන්නවා ඔබගේ අනිත් කවි සන්කල්පනාව එන තුරු :D

SRIshanu said...

මේ මං බ්ලොග් එකේ ලියපු දෙවනි කවිය. පළවෙනි එක ලිව්වෙ නැගෙනහිර කොටින්ගෙන් මුදාත්ත දා. ඒකෙත් මහ ලොකු දෙයක් නෑ. හිතට ආපු වචන ටික කෙටුවා. (http://srishanu.blogspot.com/2007/07/blog-post.html)

@Bo : සුභ පැතුවට ස්තූතියි. අවදිවුනා කිව්වට අවදිවෙලාම නෑ. හොඳ කවියක් ලියාගන්න ආසයි. ලියවෙන්නෙ මේව්ව තමයි. හැකියාව! ;)

@djmlog103 : අනේ මන්ද... නිකං කවි ලියන්න හිතෙන කොට කවියෙක් වෙනව... හිතෙන හිතෙන වෙලාවට හිතෙන එකෙක් වෙන්න පුළුවන් නං... හික්...

@නාලක : දිගටම කවිම ලියන එකක් නෑ. හැබැයි හිතුනොත් නොලියන එකකුත් නෑ. :)

situvili said...

මේකේ හුගක් දේ තියෙනවනේ. ලස්සනයි.

har said...

ඇත්තටම කවි ටික නම් ලස්සකයි,

දිගටම ලියමු, දැන් ඉතින් ගෙදර ADSL තියෙන එකේ කවි ටිකක් ලියල බ්ලොග් එකට දැම්මට කාරි නෑ.

SRIshanu said...

@ situvili, har : ස්තූතියි! පුළුවන් විදිහට ලියන්න බලන්නං... මේවට කවි කියල කියන්නත් පුළුවන්නද මන්ද... ;)

මුදිත ගේ Blogger ‍එක said...

ඇත්තටම ලස්සනයි. ම‍ගේ හිත ඒ කෙරෙහි ඇදීගියේ, පැකි සොයන බඔරෙක් වගේ

SRIshanu said...

@මුදිත : බොහොම ස්තූතියි! ඔබ සැමගේ ධෛර්යමත් කිරීම මට ගොඩක් වටිනවා. හැකිවුනු වෙලාවක ආයෙත් කවියක් ලියන්න බලන්නම්. ටික ටික ලියද්දි පුරුදුවෙයි නෙ.... :)

ඩනිෂ්ක said...

සුභපැතුම් ශානු..
දිගටම ලියන්න. :)