Wednesday, April 16, 2008

බ්ලොග් මැරතන් දුවන්න අළුත් සපත්තු...

සිංහල බ්ලොග් මැරතන් එක දුවන්න මම කළින් සූදානම් වෙලා හිටියෙ මේ බ්ලොග් එක හරහාමයි. නමුත් ඒකට අළුත් අවුරුද්දෙ අළුත් සපත්තු ජෝඩුවක් ගන්න හිතුනා. ඉතින් ගත්තා. දැන් මං සිංහල බ්ලොග් මැරතන් එක දුවන්නෙ අළුත් සපත්තු දාල.

මෙන්න ඒ අළුත් ලිපිනය : http://srishanumarathon.wordpress.com

අළුත් කඩේකින් ගත්ත නිසා පුරුදුත් නෑ. මැරතන් එකේ මගදි නවතින්න වෙයිද දන්නතේ නෑ. මැරතන් එකට තව දවස් දෙකයි. කොහොම හරි දුවනවා!



මැරතන් එක ගැන අළුත් තොරතුරු බිඳක්:
  • මැරත්න එක බලන්න බ්ලොග් සින්ඩිකේටරයක් සකසලා තියනව. (http://www.sinhalabloggers.com/blog-marathon/how-to-watch)
  • මැරතන් එකට දුවන්න හිතන් ඉන්න, ඒත තවම ලියාපදිංචි නොවුන අය ඉන්නවනම්, 17 වැනිදා (හෙට) දහවල් 12ට පෙර ලියාපදිංචි වෙන්න. ඉන් පස්සේ ලියාපදිංචි කවුන්ටරේ වහනව.
  • බ්ලොග් එකක් අරඹන හැටි පටන්, සිංහල ලියන හැටි දක්වා සියළුම තොරතුරු සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ වියුණේ තිබෙනව. වහාම ක්‍රියාත්මක වෙන්න!

No comments:

Post a Comment