Wednesday, August 03, 2011

ඊළඟට...

අහසෙ දිග ඇදි වළා
කහ ගහල එහෙ මෙහෙන්
ඉඟි පපා ගොම්මන
කඩුල්ල ළඟටම ඇවිත්

දැං පනී දැං පනී
සැලී හිත ගැහෙන හැටි
ආසනෑ ආයෙමත්
ආවොතිං ඉනි උඩිං

ඊළඟට පැල් කොටේ
වටකරං මුළු මිදුල
එන්න දත මදින්නේ
හද්දා කළුවරමනං...

3 comments:

  1. හද්දා කලුවරෙන් පසු
    නෙතු නිහඬ වෙයි
    නමුත්
    සිහිනයන් අවදි වෙයි ......

    නියම කවිය ශ්‍රී අය්යේ .......
    keep it up....

    F Zee.....

    ReplyDelete
  2. තත්පරෙන් තත් පරයා යවා
    කවි සිතුම් වැල් එන අන්දම්
    තත්පර වෙලා හැම දේක බන්ධූ
    ඉස්සර වෙයක් බොට හැකිනම්..!

    ReplyDelete