Tuesday, May 17, 2011

බුදු පොතට...

ගිණි පිඹින මහ පොළවෙ
දෙපා අදිමින් ඔහේ
අඩවන්ව පියැවිගත්
දෑස් නොදකින ඉමේ
රක්ත වන් දුමාරයෙ
ගැලී මත්වී ලෙසේ
ඉබාගාතේ දිවෙන
සොඳුරු නූතන යුගේ

මිරිඟුවෙන් සැබෑ දිය
වෙන් කරන පාඩමේ

අ යනු ආ යනු යළිත්
රැව් දෙන්න බුදු පොතේ
බිඳෙන් බිඳ සිත් සතන්
සැනහෙන්න මේ ලෙසේ
සත් දනෝ පොදි බැඳන්
සැරසෙන්න මේ දිනේ

1 comment:

  1. පවෙන් මිරිකුණු ආත්මයන් සුවපත් වෙන්න
    යලි මේ ලක්දිවට වඩින්න බුදු රජාණෙනි !!!

    ReplyDelete