Wednesday, October 20, 2010

පෙම් කෙලිය

කකියනව ඔලු ගෙඩිය
හිතලම උඹ ගැන
වෙන කිසිම දේකට
ඉස්පාසුවක් නෑ...

කැකෑරෙන ගොඩක් දේ
හිත ඇතුලෙ පොදි ගැහෙන
හම්බුවෙන ටික මොහොත
මදි හින්ද කියාගන්න
නින්දෙනුත් සාමීචියෙ
උඹ එක්ක...
හොඳ - නරක වාදෙ
හැමදාම වගේ...

ඒත් මොකද ඉතිං
පෙරේද බලපු හින්දියෙ වගේ
අන්තිමට හැමදේම
සතුටෙන්ම අහවර වේවි...!

3 comments:

thiraya said...

හීනෙන් නැගිට්ටනම් අපිට ඉක්මනටම කේක් කෑල්ලක් කන්න තිබුණා ;-)

SRIshanu said...

බලං හිටපං!

යටි පැත්ත කළු වෙච්චි යෝගට් නං දෙතෑකි :P

thiraya said...

:-)