Tuesday, August 31, 2010

මගෙ ආලවන්තී...

ලේ තැවරුව කඩදහියක
ලියන්නෙ නෑ කුරුටු ගීත
කඩෙන් ගත්ත රෝස මලක
සුවඳ කෝම ඉවසන්නද

සත්කුළු පව් නැග එන්නට
සත්සමුදුරු බැස එන්නට
එහෙම ඕනෙ නොවුණු නුඹට
මගේ ආලකම දැනෙන්ට

ප්‍රශස්තියක් කියාගන්න
අවසරයක් නොදුන්නාට
හතර පෙලක් ඇටෙව්වාම
කියවාපන් වෙමින් කෝල!

4 comments:

  1. සත්තෙටම ප්‍රශස්ථියකට වඩා මේ හතර පෙල වටීවි උන්දෑට... :)

    ReplyDelete
  2. හ්ම්හ්... උන්දැ කියවයිද කියන එකයි පුරස්නෙ ඕං... :D

    ReplyDelete
  3. අම්මපා ආලවන්ති නම් මාරු ශ්‍රී අය්යේ ........

    ReplyDelete