Monday, July 19, 2010

රටා මැව්වට...


හිතේ නලියන
මගේ කතාව
ලියාගන්න
පායනකන් බලා ඉන්නද
තවත් තරුවක්

රටා මැව්වට
කතා හැදුනට
ඈත දිලෙන තරු රෑනෙ
නැගෙන ගින්දර
මට ඕනෙද?

ගෙදර ගින්දර
මොලවගන්නට
පාර දකින්න
එළිය කරන්න
බියකරු අඳුරු අහසේ
පායාපං
අලුත් තරුවක්

4 comments:

Ansh Lucky Sri Jay said...

කාලෙකින්?
නියමයි.

SRIshanu said...

හ්ම්... නොසෑහෙන කාලෙකින්...! ;)

SACHIRA said...

මචෝ... ඉතින් කොහොමද? උඹේ බ්ලෝග පැත්තේ කාලෙකින් එන්න බැරිවුන නිසා පොඩ්ඩක් බලල යන්න ආවා :)

SRIshanu said...

@SACHIRA ආයිබෝං! කොච්චර දෙයක්ද ඉඳල හිටල ඇවිත් යන එක. :D ජයවේවා!