Saturday, March 06, 2010

රෑ පිපුණු කුමුදිනී...

කුමුදිනී
සිනාසී
මද පවන්සර විඳී
තාල නූ පත් වැනී
රඟන්නී...

බඹර ගී මවන්නී
බඹර සුව සොයන්නී
ඒවි හිරු සමගිනී
සිහිනයෙන් දොඩන්නී...

පාන්දර එළිය වී
සිනා කැන් සලිත වී
මුකුලිතව පතිත වී
සිහිනයේ මරු දුටී...

ගුමු ගුමුව නොඇසිනී
හිරු එළිය නොවැටිනී
හිරු නොදිටි කුමුදිනී...

9 comments:

  1. පද පෙළගැස්ම මරු. නියමයි!

    ReplyDelete
  2. @Suran, @Raven: ස්තූතියි! :D

    ReplyDelete
  3. ලස්සනයි පද පෙළ ගැස්ම. දෙන්නං මූණුපොතේ ප්‍රසිද්ධියක්...! :D

    ReplyDelete
  4. අවර වූ ලෝකයේ
    සිහින දෙලොවක් අතර
    නොහඩපන් කුමුදිනී
    අඳුරු වු ජීවිතේ
    නුඹේ උරුමය රැගෙන
    පෙරී එන සඳ කිරණ
    ජීවිතේ මඟ කියයි
    කිසිම කිසියම් දිනෙක...
    -ජය

    ReplyDelete
  5. ආාාාාාාාාාාාාාව්.. මොකදෑ මේ වුණේ ?

    ReplyDelete
  6. @LishWish: ස්තූතියි පළකිරීමට... :D

    @යෝගී:
    සඳ කිරණ පමණමයි
    හිරු දකින පින නැතැයි
    සිහින හැදා පියා
    පිබිදේවි කුමුදිනී...

    ස්තූතිය!

    @djmlog103: errr... abt the time to read it again :D

    @සු෴: වෙන අහවල් එකක් වෙන්නද ඉතිං... ඕං වෙච්චි දේ! ;)

    ReplyDelete
  7. ඇත්තට ඒකෙත් හැටි.

    /බිඟුවා...!

    ReplyDelete