Saturday, March 06, 2010

රෑ පිපුණු කුමුදිනී...

කුමුදිනී
සිනාසී
මද පවන්සර විඳී
තාල නූ පත් වැනී
රඟන්නී...

බඹර ගී මවන්නී
බඹර සුව සොයන්නී
ඒවි හිරු සමගිනී
සිහිනයෙන් දොඩන්නී...

පාන්දර එළිය වී
සිනා කැන් සලිත වී
මුකුලිතව පතිත වී
සිහිනයේ මරු දුටී...

ගුමු ගුමුව නොඇසිනී
හිරු එළිය නොවැටිනී
හිරු නොදිටි කුමුදිනී...

9 comments:

Umayanga Suran Jayathilaka said...

Suh-weet!

Raven said...

පද පෙළගැස්ම මරු. නියමයි!

SRIshanu said...

@Suran, @Raven: ස්තූතියි! :D

LishWish said...

ලස්සනයි පද පෙළ ගැස්ම. දෙන්නං මූණුපොතේ ප්‍රසිද්ධියක්...! :D

යෝගී... said...

අවර වූ ලෝකයේ
සිහින දෙලොවක් අතර
නොහඩපන් කුමුදිනී
අඳුරු වු ජීවිතේ
නුඹේ උරුමය රැගෙන
පෙරී එන සඳ කිරණ
ජීවිතේ මඟ කියයි
කිසිම කිසියම් දිනෙක...
-ජය

djmlog103 said...

about time you get married... :P

සු෴ said...

ආාාාාාාාාාාාාාව්.. මොකදෑ මේ වුණේ ?

SRIshanu said...

@LishWish: ස්තූතියි පළකිරීමට... :D

@යෝගී:
සඳ කිරණ පමණමයි
හිරු දකින පින නැතැයි
සිහින හැදා පියා
පිබිදේවි කුමුදිනී...

ස්තූතිය!

@djmlog103: errr... abt the time to read it again :D

@සු෴: වෙන අහවල් එකක් වෙන්නද ඉතිං... ඕං වෙච්චි දේ! ;)

බිඟුවා...! said...

ඇත්තට ඒකෙත් හැටි.

/බිඟුවා...!