Wednesday, December 02, 2009

පංති පේළිය


මහ ඝෝෂාව
උඩ පංතියෙ උන්
සිරික්කියෙ දෝංකාරය
පංති පේළියම දෙවනත් කරගෙන...
බාල් නැටුමකට
සැරසෙන හැටි
හොඳම පංතියලු!

මහා ඝෝෂාව
යට පංතියෙ උන්
ගෝරණාඩුව ගිගුම් දෙයි
පංති පේළියම දෙවනත් කරගෙන...
කන්කෙඳිරියකුත්
ඒ අස්සෙන්
එපා කරපු පංතියලු!

හූල්ලමින් සුසුම්ලමින්
මං
අතරමැද අතරමංව...

4 comments:

  1. ඉස්කෝලෙ ගියකාලෙ මතක් උණා...

    ReplyDelete
  2. ඉස්කෝලෙ ගියකාලෙ මතක් උණා...

    ReplyDelete
  3. ස්කොලේ මතක් උනා ‍ආයෙත්...
    මම ඔය පංති තුනේම ඉදලා තියනවා..

    ReplyDelete
  4. Hodha adahasak
    kamathi widihakata artha dakwaganna puluwan....

    ReplyDelete