Monday, July 20, 2009

නාට්‍යක්... නෑ හතරක්... බලමුද?

මාළුවො පාරෙ ඇවිදින්නෙ නෑ - ගස්වල තරු පායන්නෙ නෑ
අහසේ මල් දකින්න හිතුවට එහෙම වෙන්නෙ නෑ



තවත් වතාවක් කලා කටයුත්තක් ගැන ඔත්තුවක් තමයි කියන්න හිතුවෙ. සිංහල නාට්‍ය කලාව ලැදි හැමෝම වගේ රාජිත දිසානායකගේ නාට්‍යවලටත් දැඩිව ඇලුම් කරනවාට සැකයක් නෑ. ඔහු රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද සම්මානනීය කලා කරුවෙක්. ඒ වගේම සම්මාන උළෙල ප්‍රදර්ශනයට පමණක් සිර වුණු නාට්‍ය ඔහුගේ නිර්මාණ අතර නෑ. ඔහුගේ සියළුම නාට්‍ය පාහේ දිවයින පුරා දර්ශන වාර විශාල ප්‍රමාණයක් වේදිකාගත වුණා.

රාජිත දිසානායක ගේ නාට්‍ය උළෙලක් මේ සතියේ පැවැත්වෙනවා. ඒ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ. මෙම නාට්‍ය උළෙල සංවිධානය කරන්නෙ හුදෙක් සමාජය හා ගැටීමෙන් තමා ලද අද්දැකීම් කැටි කළ මේ නිර්මාණ ප්‍රේක්ෂකයාට නැවතත් රසවිඳීමට අවස්ථාවක් ලබාදීමට බවයි ඔහු පවසන්නේ.

විශේෂයෙන්ම කොළඹ ලයනල් වෙන්ඩ්‍ට් වලින් නොනැවතී මේ උළෙලම පිට පළාත්වලත් ප්‍රදර්ශනය කිරීමට ඔහු බලාපොරොත්තු වෙනවා. ඔබේ ප්‍රදේශයේත් මෙම නාට්‍ය උළෙල රඟදැක්වීමට අවශ්‍යනම් සංවිධායකයින් අමතා කටයුතු සලස්වාගන්න පුළුවන්.

ලයනල් වේන්ඩ්ට් නාට්‍ය උළෙලේ කාල සටහන මෙසේයි.

ජූලි 23 - මට වෙඩි තියන්නෙ නැද්ද
ජූලි 24 - වීරයා මැරිලා
ජූලි 25 - සිහින හොරු අරං
ජූලි 26 - ආපහු හැරෙන්න බෑ

සියළුම දිනවල සවස 7.00ට දර්ශන ආරම්භ වෙනවා.


මෙහි ප්‍රවේශ පත්‍ර විශේෂයි...
ප්‍රවේශ පත්‍ර මිළදී ගැනීමට දැන් ලයනල් වෙන්ඩ්ට් හිදී හැකියාව තිබෙනවා. සාමාන්‍ය නාට්‍යක මිළට වඩා අඩු මිළකට මෙම උළෙල සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කර තිබෙන බවත් දැනගන්න ලැබුනා. ඊට අමතරව විශ්වවිද්‍යාල සහ පාසල් ශිෂ්‍යයින් සඳහා සහන මිළ ප්‍රවේශ පත්‍රයක්ද තිබෙනවා. එම ප්‍රවේශ පත්‍ර ගැනීමට මේ දිනවල ප.ව.2 සිට 4 දක්වා පමණක් ලයනල් වෙන්ඩ්ට් හිදී හැකියි. තවද නාට්‍ය 4ම නැරඹීම සඳහාත් විශේෂ මිළකට ප්‍රවේශපත්‍රයක් ද තිබෙන බව දැනගැන්න ලැබුනා.

ඡායාරූපය: සිළුමිණ පුවත්පතෙන්

4 comments:

  1. මට පුදුම ආසාවක් තියෙන්නෙ ඔය හතර බලන්න ඒත් රෑ වෙල ආපහු ගෙදර එන්න අමාරු නිසා යන්න වෙන්නේ නැහැ

    ReplyDelete
  2. බලන්න යන්න එකෙක් ඉන්නවනම් මරේ මරු.මගේ යාලුවෝ උනත් සමහර එවුන් නාට්‍යයක් කිව්ව ගමන් බෑ කියනවා.මුන්ට හෙළුව පෙන්නන චිත්‍රපටියක් හරි දෙකයි පනහේ ටෙලියක් හරි කිව්වොත් පැනගෙන බලයි.

    ReplyDelete
  3. බලන්න යන්න එකෙක් ඉන්නවනම් මරේ මරු.මගේ යාලුවෝ උනත් සමහර එවුන් නාට්‍යයක් කිව්ව ගමන් බෑ කියනවා.මුන්ට හෙළුව පෙන්නන චිත්‍රපටියක් හරි දෙකයි පනහේ ටෙලියක් හරි කිව්වොත් පැනගෙන බලයි.

    ReplyDelete
  4. @ම
    ඔච්චර ආසාවක් තියන එකේ මේ චාන්ස් එක අතඅරින්න එපා. අනික මේවයෙ සාමාන්‍ය දර්ශන දැන් නැහැනෙ. කොයි දීපංකරේද ඉන්නෙ? හයිලෙවල් පාර දිගටනං බස් තියනව මහ රෑටත්. නැතත් වෙන්ඩ්ට් එකේ මිදුලෙවත් බුදියමු ;)

    @මුචලින්ද
    හික්... ඒකනෙ. නාට්‍යක් බලලම තමයි ඒකෙ ආතල් එක දැනගන්න පුළුවන්.

    ReplyDelete