Sunday, March 29, 2009

අරුංගල් - වයලීනයේ ටෙලිරූ කව

මැදින් රූ බලි
බොරු හැඟුම් ගුලි
නැතිව බිය විලි
තිරයෙ රූ සිරි

එක සැරෙන් යළි
එපා වුණු සැටි
සිතක් නොකැලැති
නිසා නොබැලිමි

අහම්බෙන් යළි
නෙත ගැටුනු සැටි
සිත්තමක් එළි
වශීකෘත විමි

කවක්මැයි ටෙලි
අපූරුව එහි
නෙත් වැසෙන්නැති
මල් දමක් වැනි

මියුරු වෙණ පැදි
මන්මතින් වැදි
සිටින බව මෙහි
වගක් නොදැනුනි


'අරුංගල්' ටෙලිනාටකය අද මා දකින විට එහි කොටස් ගණනාවක් ගොස්ය. කතාවේ අගක් මුලක් නොදැනම එහි රූ පෙළහරට, මන බඳනා සංගීතයට වශී වූයෙමි. නෙත් අදහාගත නොහැකි වූයේ මේ ටෙලියක්මදැයි සිතුනි. සිනමා සිත්තමකට එහා ගිය රෑ-සර රසයක් අඩහෝරාවක ලැබීමි. ඒ බැලූ වින්දනය පද බවට මෙසේ පෙරලීමි.

3 comments:

  1. මමත් ඔය ටෙලියෙ කොටස් කීපයක්ම නෑරබුවා.අවාසනාවකට දිගටම බලන්න උනෙ නෑ.මෑත බාගයේ රුපවාහිනි නාලිකාවල විකාශය උන කතා එක්ක බලද්දි මේ වගෙ ගුනාත්මක නිර්මානකරුවනුත් තවමත් ඉතිරි වි සිටීම අපේ භාග්‍යයක්.හරිම සරලයි.

    ReplyDelete
  2. අග පිපි මල් හි තේමා ගීය තරම් සිතට වැදුනු තවත් ගීයක් නොමැති තරම්, වීණා වාදනය අපූරුයි එහෙත් ඔබ තරම් එය රස නොවිඳි බව කිව යුතුයි. නිසඳැස අපූරුයි. ඔබට රූපවාහිනී ටෙලි එපා වීම ඉතා යසට ගලපා ලියලා තියෙනවා. ඉන්පසු අහම්බෙන් මේ ටෙලිය දුටු වනම ඇතිවූ හැඟීම අපූරුවට පද වලට පෙරලා ඇති සැටි විශ්මිතයි. නියමයි. යළි ලිවීම ගැන සතුටුයි

    ReplyDelete
  3. මම ත් මේ නාට්‍ය දෙවතාවක් බලලා තියනවා. ඒත් ඉතිං එක දිගට බැලෙන්නේ නැහැනේ...
    ලස්සනයි නම් තමා

    ReplyDelete