Monday, March 23, 2009

ප්‍රංශ භාෂා චිත්‍රපට උළෙලක්


මේ දිනවල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ සිනමාහලේදි ප්‍රංශ භාෂා චිත්‍රපට උළෙලක් පැවැත්වෙනවා. 'ප්‍රංශ භාෂා' කියා කීවේ, මෙහි ප්‍රදර්ශනය වන්නෙ ප්‍රංශයේ නිෂ්පාදිත චිත්‍රපට පමණක් නොවන නිසා. බෙල්ජියම, කැනඩාව, රුමේනියාව සහ ස්විස්ටර්ලන්තයේත් ප්‍රංශ භාෂාවෙන් නිපදවූ චිත්‍රපට මෙහි ප්‍රදර්ශනය වෙනවා.

මාර්තු මස 21 සිට 25 දක්වා 2:30, 4:30, 7:00 ලෙස දර්ශන සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙනවා.

මෙය Colombo Film Circle මගින් සංවිධානය කරන්නෙ ඉහත කී රටවල තානාපති කාර්යාලවල සහ ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේද සහයෝගය ඇතිව.

සාමාන්‍යයෙන් අන්තර්ජාතික චිත්‍රපට උළෙලක ළමුන් වෙනුවෙන් චිත්‍රපට නොපෙන්වන තරම් වුවත්, මෙහි 2:30 දර්ශන සියල්ල ළමුන් වෙනුවෙන් තැනූ ඒවා. (2001 හෝ 2002දී BMICH එකේදිම තිබුනු ඔස්ට්‍රේලියානු චිත්‍රපට උළෙලකට තම ද‍රුවාද සමග පැමිණ සිටි මවක් චිත්‍රපටයේ සමහර දර්ශන දිගහැරෙද්දී අසුනින් නැගිට යනු දුටුවා මතකයි)

මෙහි කාලසටහන් සහ තවත් විස්තර මෙතනින් දැනගන්න.

මෙයින් එකකට හරි පැනගන්න වෙලාවක් හොයාගන්නෙ කොහොමද කියල මං මේ කල්පනා කරන්නෙ... ;)

1 comment:

  1. අපේ කැම්පස් එකෙත් මේ ගැන පෝස්ටර් ගහලා තිබුනා දැක්කා. මෙහේ නම් එක කරන්නේ AFK (Alliance Francaise de Kandy)හා කලා පීඨයේ සංගමයක මූලිකත්වයෙන්

    ReplyDelete