Sunday, March 15, 2009

පැන්නයි සුදු පුල්ලියා...!

මුළු ලෝකෙන් පර්චස් දහයයි ඇත්තේ
'සති අන්තේ' වගාවකුත් එහි දැම්මේ
බලාපල්ලා හදියකි මේ මගේ කරුමේ
සුදු පුල්ලියා ඇවිදින් මගෙ වැට පැන්නේ






වගාවන් වලට වැළ‍ඳෙනවායැයි මේ කාලයේ මධ්‍ය වලින් නිතරම ඇහෙන සුදු පුල්ලි රෝගය අපේ පුංචි වගාවටත් ඇවිල්ලා. රෝගය වැළඳුනු අතු-ඉති කපා විනාශ කරන්නට පියවර ගත්තත් නැවත නැවත පුල්ලියා වැට පනිනවා වගේ. ගස හෝ වර්ගය කුමක්ද කියල මෙයාට වගක් නෑ. හැම ගහකටම වගේ වැළ‍ඳෙනවා.

සුදු පුල්ලි දිලීරය කතුරුමුරුංගා අත්තකට වැළඳී ඇති අයුරු මුල් රූපයෙන් ද, අළුත ලියලා එන මඤ්ඤොක්කා දඬු වලට වැළඳී ඇති අයුරු දෙවන සහ තුන්වන රූපවලින් ද දැක්වෙයි.

ප.ලි: සුදු පුල්ලි රෝගය ගැන වැඩ දුර කියා දුන් NUWAN's lane ලිපිය.

8 comments:

  1. අපේ බ්ලොග් ලියන කෘෂි උපදේශක මහත්තුරු ඉන්නේ.. උන්නැහෙලා පිළියමක් දෙයි ‍කොලුවෝ..!

    ReplyDelete
  2. එහෙමවත් වෙයි කියල බලා ඉඳිං එහෙනං නැන්දම්මෙ...

    ReplyDelete
  3. http://nuwansl.blogspot.com/
    මේ ඉන්නෙ අපේ කෘෂි උපදේශක මහත්තයෙක් එයා ඔයට කියයි උත්තරයක්. එයා මටත් උදවු කලා.

    ReplyDelete
  4. අපෙ නුවන් අයියා මෙකට උත්තරයක් දෙයි

    ReplyDelete
  5. මේකට පිළියම් තුනක් තියනවා

    මැස්සෝ ටික ඉවත් වෙන තුරු හොඳට වතුරෙන් හෝදන්න.

    සබන් වතුරයි භුමිතෙලුයි කලවම් කරලා ඉස්සහමත් මේ සත්තු අයින් වෙනවා. හැබැයි ගහට එච්චර හොඳ නෑ.

    කරන්න ඕනේ හරි ම වැඩේ තමයි සුදු මැස්සෝ ඉන්න ගස්, අතු කපලා පුච්චලා දාන එක.

    ReplyDelete
  6. කට්ටියටම ස්තූතියි...!

    @නාමල්, දිසා: නුවණ් අයියා පේන්න නෑ තාම. :)

    @අරවින්ද: තුන්වෙනි පිළියම තමයි අපිත් ක්‍රියාත්මක කලේ. ඒත් 100% ක් ලෙඩේ සනීප කරගන්න අමාරුයි. මොකද මේක සති අන්ත වගාවක් නේ... ;) අනිත් දවස්වල අපි වැඩ නේ...

    කොහොම වුනත් දැනට මේක යම් තරමකට පාලනය වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  7. අද තමයි ගෙදර ආවෙ.ඈත්තටම මල්ලිගේ මේ පෝස්ට් එක දෑක්කත් මොකුත් කියන්න උනෙ නෑත්තේ ගිය සතියෙම අධිකවම කාර්ය බහුල තත්වයක හිටියේ. දෑන් තමයි ඉඩක් ලෑබුනේ.මේ තත්වය ගෑන අපිත් දෑනුවත් කලා පසුගිය බදාදා අපේ ගොවි නියාමක මහත්වරුන්ව.මේ හානිය දෑනට බස්නාහිර පලාතේ තමයි වේගයෙන් පෑතිරිලා යන්නේ.එහෙන් අනිත් ප්‍රදේශ වලට පෑතිරිම වලක්වා ගන්නත් දෑන් ක්‍රියාමාර්ග කිහිපයක්ම අරගෙන තියෙනවා.මේ තත්වය ඈත්තටම ඈති කරන්නේ පලිභෝදකයෙක් මගින්.ඌව හදුන්වන්නේ පිටිමකුනා කියලා.ඔයාලා දෑකලා ඈති පේර,අනෝනා, වද, වගේ ගස්වල සුදු පාටට මේ විදියේ ස්තරයක් තියෙනවා.ඒ හානිය ඈති කරන්නේ මේ පලිභෝදකයා තමයි.මෙයාගෙ ඈගෙන් ස්‍රාවය කරන ඉටි තට්ටුවක් තමයි සුදු පාටට අපිට පෙනෙන්නේ.මේක අලුත්ම රෝගයක් නොවෙයි නමුත් මේ කාලය තුල උන්ගේ ගහනය වෑඩිවිම තුල තමයි වසංගතයක් විදියට පෑතිර යන්නේ.මේ සත්තුන්ගේ පිරිමි සත්තු හානියක් කරන්නේ නෑ.මෙයාලගෙ ජීවන චක්‍රය ගත්තොත් අවස්තා තුනක් තමයි දකින්න ලෑබෙන්නේ ඒ කියන්නේ අසම්පුර්න රුපාන්තරනයක්. බිත්තර, ශිශු,සුහුබුල් වශයෙන්.ගෑහෑනු සතා තමයි ශාකයට හානියක් සිදු කරන්නේ.තව දුරටත් කිව්වොත් විදලා යුශ උරා බීම සිදු කරන්නේ.ඊට අමතරව වයිරස් රෝග ගසකින් තව ගසකට බෝ කිරිමත් මෙයාලගෙන් සිදු වෙනවා. මෙයාලා ඉන්න ගස් වල බහුලවම දිමියො වගේ කෘමි සත්තු දකින්න පුලුවන් .මෙයාලගෙ යාලුවෙක් දිමියා . පිටිමකුනා එක තෑනකින් තවත් තෑනකට ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ මේ ගොල්ලො .පිටි මකුනා උගේ ඈගෙන් පෑනි රස යුශයක් ස්‍රාවය කරලා තමයි දිමියන්ව අල්ල ගන්නේ.මේ ගොල්ලො නිසා ඈති වෙන සුදු පාට ඉටි තට්ටුව මත වගේම කලු පාටට පේන බහිස්ස්‍රාවි කොටස් මත දෙවනුවට හානියක් විදියට දිලීර ඈති වෙනවා.මේ පලිභෝද තත්වය දෑන් ගස්ලබු වගාව පෑත්තටත් වියාප්ත වේලා යනවා. අපිත් විමසිල්ලෙන් ඉන්නේ .පාලනය ගෑන සදහන් කලොත් අරවින්ද සදහන් කරපු විසදුම් ගොඩක් දුරට හරි .නමුත් විසාල වශයෙන් ආර්තික හානියක් සිදු වෙනවා නම් අපිට රසායනික පාලනයකට යන්න වෙනවා. මෙහිදි නිර්දේශ කරන්නේ ඉම්ඩක්ලොරොපිඩ් තියෙන රසායනිකයක් පාවිච්චි කරන්න කියලා ඒ යටතේ අපිට ඈඩ්මයර් වගේ දෙයක් පාවිච්චි කරන්න පුලුවන්.එහෙම නෑත්නම් ඩයිමෙතො ඒට් වගේ දෙයක් පාවිච්චි කරන්න පුලුවන්.හෑබෑයි මෙවා විස අධික කෘමිනාශක බවත් කියන්නම ඕන.

    ReplyDelete
  8. අහ් මේ ඇවිත් ඉන්නෙ නුවණ් අයියා... ;)

    ස්තූතියි විස්තර කියල දුන්න‍ට. වගාව වැනසුනත් කමක් නෑ විසරසායනික දාන්නෙනං නෑ ඕං... අනික අපේ වත්තෙ ගස් නං තියෙන්නෙ අතේ ඇඟිළි ගානට නිසා ඒ තරං දරුණු ප්‍රතිකාරයක් ඕනෙ වෙන එකක් නෑ. හැබැයි අහල පහළ වතුවලිනුත් මේක පැතිරෙනවා, වැට මායිම් නෑ නේ. ඒකට ලොකු පිළියමක් අවශ්‍යයි. පිටිමකුණාට විලෝපිකයෙක් තවම සොයාගන්නට ලැබිලා නැති බව පහුගියදාක පත්තරේක තිබුනා. ස්වභාවික ප්‍රතිකාරයනම් ඒක තමයි.

    ReplyDelete