dmoz Mozilla's Open Directory Project

Friday, February 13, 2009

ඩිජිටල් දුම්බර රටා

Veerle's Blog කියන්නෙ ඉඳල හිටල මට යන්න හිතෙන තැනක්. චිත්‍රණ ක්ෂේත්‍රයෙ නියැලෙන අයට බොහොම වටිනා 'ක්‍රම සහ විදි' දැනගන්න හොඳ තෝතැන්නක්. පහත ‍තියෙන්නෙ එහි තිබුණු tutorial එකක් අධාරයෙන් Adobe Illustrator භාවිතාකරල හදපු නිර්මාණයක්. සරළ, ප්‍රාථමික මෝස්තර රටාවක්.






නමුත් මේක හදාගන්න ටිකක් විතර අනවශ්‍යලෙස මහන්සිවෙන්න ඕනෙ. මේකට මෘදුකාංගයෙන් ලබාගන්නා උදව් යම් තරමකට සීමාසහිතයි. ඒනිසාම මෙතනින් මට නතර වෙන්න හිතුනෙ නෑ. මෘදුකාංගයෙ තියන එක එක අරුමෝසම් ජාති (filters) මේකට ඔබල බැලුවා. එක එක විදිහෙ දේවල් වලට මේ සරළ රටාව පරිවර්තනය කරගන්න පුළුවන් වුණා. මට ඉතිං නිකමට හිතුනා බ්ලොග් එකේ මේව ටිකක් පළ කරන්න. :) පහත දැක්වෙන්නෙ ඉන් කිහිපයක්. සමහර ඒව දැක්කහම අපේ පැරණි මෝස්තර රටා සිහි වෙනවා. (ඩිජිටල් දුම්බර රටා කියල නම දැම්මට මේව දුම්බර රටා වගේනම් නෙමෙයි තමයි.) ;)












මතක හැටියට Veerle's Blog එක ගැන මට මුලින්ම කිව්වෙ චාමර මීට බොහොම කාලෙකට පෙර. ස්තූතියි! :)

5 comments:

ගයන්ත said...

ලස්සනයි !

3වෙනි පින්තූරෙ නම් නියම දුම්බර රටාවක් !!!

සරත් ගුණතුංග said...

නම කෙසේ වෙතත් ලස්සන මෝස්තර කිහිපයක් නිර්මානය කරල තියෙන්නෙ. ඔහොම තමයි ලෝකෙට මෝස්තර බිහිවෙන්නෙ. අවශ්‍ය එකම දෙයයි, ඒ තමයි නිර්මාණශීලී මණැස. ඔබට එය තිබෙන බවයි මට හිතෙන්නෙ. ඊළඟට අවශ්‍ය කැපවීම සහ ඒ වෙනුවෙන් මහන්සි වීම. නාලන්දෙ කොල්ලෙකුට ඕකත් මහ වැඩක්ද?

har said...

නියමයි !

malee_msg said...

ලස්සනයි.. මම නම් කැමතිම දුඹුරු පාට එකට..!

ඩනිෂ්ක said...

නාලන්දේ නිකන්ම කොල්ලෙක් නෙමේ --එළ කොල්ලෙක් :)