Wednesday, January 21, 2009

තෝරාදෙන්න, තේරෙන්නේ නෑ මේවා...!

පහත ප්‍රශ්නයට නිවැරදි පිළිතුර තෝරන්න.
බ්‍රිතාන්‍යයේ ජාතිත කොඩිය හඳුන්වන්නේ කුමන නමකින්ද?

  1. ජාතික කොඩිය
  2. යුනියන් ජැක්
  3. නොදනී
*****

මහින්ද යාපා අබේවර්ධන ඇමතිවරයා කළ ප්‍රකාශයක කොටසක් අද උදෑසන ලක්හඬ ගුවන්විදුලියේ ප්‍රචාරය වුණා. ඇමතිතුමා කියා තිබුනේ අවසන් කොටි කඳවුරත් මානුෂීය මෙහෙයුමෙන් අත්පත් කරගත් පසු, ජාතික සමගිය ඇති කිරීමට විශාල වැඩපිළිවෙලකට රජය සූදානම් වන බවයි. ඔහු අවසානයේ මෙසේද කීවේය.

"අපි මේපාර දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා අපි ඔසවන්නෙ සිංහ කොඩිය නෙමෙයි, ජාතික කොඩියයි"

*****

ඔන්න ඔතෙන්දි තමයි මට මාවම ෂුවර් නැති උනේ... මං දත-කට මූට්ටු කරගෙන මේ අවුල ලිහන්න හැදුවා... ම්හ්... බැහැ...

අනේ මට තේරෙන්නැතෝ... මට පිස්සු වාගේ... දන්න කෙනෙක් ඉන්නවනං මේ අපබ්‍රංසය තෝරලා දෙන්න...

මටනං තෙරිය ඉල්ලෙ... ඉට්ස් කොම්ප්ලිකේටඩ්...

පලි: කාටවත් මඩ ගහන්නවත්, කිසිම දේසපාලු පක්ෂයක් පොලිෂ් කරන්නවත් මෙය නොලියූ බව කරුණාවෙන් සළකන්න. සත්‍ය වශයෙන්ම ඉට්ස් කොම්ප්ලිකේටඩ් මය.

4 comments:

  1. 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ "ශ්‍රී ලංකා ජන රජයේ ජාතික කොඩිය, දෙවන උපලේඛනයෙහි නිරූපිත සිංහ කොඩිය වන්නේ ය" (පිටුව 04) යනුවෙනි.

    එහිම 145 ව පිටුවේ සිංහ කොඩියේ පින්තූයට යටින් 'ජාතික කොඩිය' යනුවෙන් ලියා ඇත.

    ලංකා ජාතික කොඩියේ නම සිංහ කොඩියයි. ඒ ජාතික පුෂ්පය 'නිල් මහනෙල් ' වන්නාක් මෙනි. ජාතික වෘක්ෂය 'නුග' වන්නාක් මෙනි.ජාතික ගීය 'ශ්‍රී ලංකා මාතා' වන්නාක් මෙනි. මේ දෙපදය එකිනෙකට පර්යාය පද ලෙස ගැනීම නිවැරදි ය. එහෙත් 'නෙමෙයි' යන වදනින් ඇමතිතුමාගේ ප්‍රකාශය අරුත් සුන් වී ඇත.

    මෙහි ගම්‍යමාන වන්නේ සිංහලයා අනවශ්‍ය ලෙස විනීත වීමට යත්න දැරීමේ නරක පුරුද්දයි. ඔහු සිතන්නේ ජාතික කොඩියට සිංහ කොඩිය යයි කීම 'අපි ගොයිගම තොපි රදා' කීම වන් පහත් ප්‍රකාශයක් කියා ය.

    ලංකාවේ ජාතික කොඩිය සිංහ කොඩිය වේ. සිංහ කොඩිය ජාතික කොඩිය වේ. ඇමතිතුමා කුමක් කීවත් එතුමාට ඔසවන්න සිදුවන්නේ සිංහ කොඩියයි.

    ReplyDelete
  2. මා දන්නා තරමින්, අපේ ජාතික කොඩිය සිංහ කොඩියයි. නාමල් උඩලමත්ත මේ ගැන හොඳින් පැහැදිලි කර තිබෙනවා, ස්තූතියි.
    මට මතක් වුනේ, එක්තරා ජන්ද ව්‍යාපාරයකදී, "අපේ ඇමති තුමාට අමා වතුරෙ කවි සේරම කටපාඩම් " යැයි වන්දි බට්ටයෙක් කියපු කතාව, අමාවතුර කියන්නේ කවි පොතක් නොවන බව වත් සමහරු දන්නේ නෑ, මේකත් ඒවගේ එකක්ද ?

    ReplyDelete
  3. සිංහ කොඩිය අප චිරාත් කාලයක් තිස්සේ රැුගෙන එන දෙයකි. පුරාණ රජ දරුවෝ තම සිතට එඩිය ගැනීමට නම් සිංහ කොඩිය දෙස බලන්නැයි තම කණ්ඩායමට පවසා ඇති තැන් මා කියවා ඇත. 1948 දී දෙමල සහ මුස්ලිම් ජාතීන් නිරූපනය කිරීම සඳහා සිංහ කොඩියට තවත් වර්ණයන් දෙකක් එකතු කර ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ ජාතික කොඩිය නිර්මානය කලේය.

    ReplyDelete
  4. @ නාමල් උඩලමත්ත, අපූරුයි පැහැදිලි කිරීම. සාධක ඇතිව කීම බොහොම වටිනව.

    @ Bo, දැං ඉන්න දේසපාලුවන්ට කවිපොතක් තියා කවිකොලයක්වත් පාඩම් කරගන්න පුළුවන්ද දන්නෑ. මොනව උනත් වැදගත් මිනිස්සුනෙ... ;)

    Kawshala, සහතික ඇත්ත. සිංහ කොඩියට දිගු ඉතිහාසයක් තියනවා. ලංකාවෙ සිටි හැම ර‍ජකෙනෙක්ම කාලෙන් කාලෙට පරිණාමයට භාජනය වුනු සිංහ කොඩියක් භාවිතා කලා. විශේෂයෙන්ම ඔබ කීවා වගේ යුධ කටයුතු වලදි. සුද්දගෙ කාලෙ අපේ නිදහස් සටන් කළ සේනා භාවිතා කළ සිංහ කොඩියක් බිරිතාන්‍යයෙ රෝහලක තිබිල හම්බුනාලු නේද? ඒක තවම ලංකාවට ගෙනාවද නැද්ද කියන්න මං දන්නෑ. මේ ගැන වගකිවයුත්තන්ට සත පහක වගකීමක් නෑ. (කැප්පෙටිපොළතුමාගෙ හිස්කබල බිරිතානියෙ තිබිල ගෙනත් කරපු හදිය දන්නව ඇතිනේ)

    ඇත්තටම අපේ දෙස්පාලුවො තමන්ගෙ වාසියට පුළුවන් හැමදේම ඔට්ටු අල්ලනව. උන්ට ජාතික කොඩිය මොකද්ද...? අම්ම අප්ප උනත් උකස් තියයි තමන්ගෙ වාසියට. එහෙව් එකේ ඔයවගේ දේවල් කියන එක අරුමයක් නෙමෙයි.

    හැබැයි මේවගේ අපබ්‍රංස අහං ඉන්න පොඩි එවුන්ගෙ හිත්වලට වැරදි ආකල්ප ඇතුල්වෙන එක තමයි මට තියන දුක. එහෙම උන් කවද හරි දවසක රට පාලනය කරන්න ඇවිත් සිංහ කොඩියෙ ඉන්න සිංහයත් පැන්නුවොත් පුදුම වෙන්න එපා!!!

    ReplyDelete