Sunday, October 19, 2008

GIMP සිංහලෙන්...!

ග්‍රැෆික් ක්ෂේත්‍රයේදීත්, ඡායා රූප සංසකරණයේදීත් බෙහෙවින් ප්‍රයෝජනවත් වන නිදහස් සහ විවෘත මෘදුකාංගයක් වන ගිම්ප් (GIMP) නුදුරු අනාගයේදීම සිංහල භාෂා මුහුණතින් යුතුව නිකුත් වනවා ඇති.

දැනට මෙහි නවතම නිකුතුව වන 2.6, ගිම්ප් නිල අඩවියෙන් ලබාගත හැක.

මෙම ක්ෂේත්‍රයේ දැනට ඉදිරියෙන් ඇති වාණිජ මෘදුකාංගය වන්නේ "ඇඩෝබි ෆොටෝෂොප්"ය. පහසුකම් අතින් මෙන්ම වෙළඳාම අතින්ද ෆොටෝෂොප් බොහෝ සාර්ථක ගමනක් යමින් සිටියද, ශ්‍රී ලංකාව වැනි රටක අපට, එය භාවිතා කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන්නේ එහි අධික මිල අපට දරාගත නොහැකි නිසයි. දැන් ශ්‍රී ලංකාවේත්, මෘදුකාංග බලපත්‍ර සම්බන්ධයෙන් නීති පැනවී ඇති බැවිනුත්, ඇඩෝබි වැනි ආයතනවල නිල නියෝජිතයින්/බෙදාහරින්නන් මෙරට සිටින බැවිනුත්, නුදුරේදීම ෆොටෝෂොප් භාවිතා කිරීමට බලපත්‍ර සහිත මෘදුකාංග මිලදී ගැනීමට සිදු වේවි.

එවැනි තත්වයකදී, අපට දැනට ඇති හොඳම විකල්පය ගිම්ප්ය. (මෙය ෆොටෝෂොප් අනුකාරකයක් නොවේ.) GNU General Public බලපත්‍රය යටතේ නිකුත් කර ඇති මෙය, ගිම්ප් අඩවියෙන් නොමිලේම බාගතකරගෙන පරිගණකයේ පිහිටුවිය හැකි අතර, ලිනක්ස්, වින්ඩෝස් සහ මැක් යන මෙහෙයුම් පද්ධති මත ක්‍රියා කරයි.

1995 වසරේදී සංවර්ධනය ආරම්භකර ඇති ගිම්ප් වැඩසටහන, ස්වේච්ඡා සංවර්ධකයින්ගේ උදවු ඇතිව ඉතා සෙමින් තම ගමන පැමිණ ඇති අතර, මෑතකදී පටන් ගිම්ප් ගැන ඇති අවධානය වැඩිවන්නට පටන්ගෙන තිබේ.

6 comments:

  1. සුභ ආරංචියක්. සිංහල භාෂා මුහුණතින් යුත් පළමු ඡායා රූප සංස්කරණ මෘදුකාංගය ලෙස GIMP අපට ළඟදීම ලබාගත හැකි වේවි එහෙනම්..?

    ReplyDelete
  2. අහ්... එහෙමත් විශේෂත්වයක් තියනව නේන්නං... :D

    ReplyDelete
  3. නියමයි.
    මම තාත්තට කරදර කර කර හිටියේ ඇඩෝබි ෆොටෝෂොප් උගන්නන්න කියල. දැන් හරි. දෙන්නම් වැඩේ.

    ReplyDelete
  4. මේක FOSS එකක් නේද ශානු අයියේ?

    ReplyDelete
  5. ෂා හරිම ෂෝක්....

    ReplyDelete