Saturday, December 01, 2007

මාසයේ ගීතය - Song of the month (1)

අම්මෙ පෙම්බරා...

අම්මෙ පෙම්බරා තොස කර දෙන්ට අවසරා
ජෝර්ජ් මහ රජා ගුණකඳ කරමු සිහි සොඳා

මාස්ටර්ගෙ ගායනාව - හුස්ම පිඹී සර්පිනාව
රාගතාල වර්ණනාව අනුව වැයේ බට නලාව
ස රි ග ම ප ධ නි...
හරි හරි - ස නි ධ ප ම ග රි
ආ... ආ... ආ.....

නලල් වටින් එන දහදිය - පිසදාගෙන විරාමයක
වීණාවක නාද නැගේ - දිගා සිරි යදා රජු හට
සායට මනරම් අත් දිග හැට්ටය තොල් අග හිනාව
මතු කොට ටොප් හැට් ඇඳගෙන ඒරොප්පේ කල්පනාව

මාස්ටර්ගෙ ගායනාව...

රාජ තේජසින් එල්ලී රජ්ජුරුවෝ පින්තූරෙක
බලා හිඳී ගම්භිර ලෙස දෙකට නැමෙන පරපුර දෙස
හීන ධීන ගැත්තන් හට උපහාසෙන් සරදම් කළ
යළි උපදින්නේ කවදද හිමි දම්පල් අනගාරික

මාස්ටර්ගෙ ගායනාව...


ගායනය: සුනිල් එදිරිසිංහ
රචනය: සුනිල් සරත් පෙරේරා
තනුව: රෝහණ වීරසිංහ


මෙතැනින් අහන්න:

සටහන: මෙයින් ඇරඹෙන "මාසයේ ගීතය" විශේෂාංගය යටතේ සෑම මසකම සිංහල ගීතයක වදන් පෙළ මෙම වියුණු සටහන හරහා පළකෙරේ.

මෙහි වදන් පෙළෙහි හෝ ගායකයා, පද රචකයා සහ තනු නිර්මාපකයා පිළිබඳ වැරදි සටහන් (හෝ පුරවා නැති තැනක්) වේ නම් එය Comments හරහා එය නිවැරදි කර දන්නවන මෙන්ද ඉල්ලා සිටිමි.

3 comments:

  1. අම්මේ පෙම්බරා ගීතය ලීවේ-සුනිල් සරත් පෙරේරා
    සංගීතය-රෝහණ වීරසිංහ

    ReplyDelete
  2. අම්මේ පෙම්බරා ගීතය ලීවේ-සුනිල් සරත් පෙරේරා
    සංගීතය-රෝහණ වීරසිංහ

    ReplyDelete
  3. ස්තූතියි නාමල්. එම තොරතුරු ඇතුළත් කළා. :)

    ReplyDelete